හමුදාවට අනවශ්‍ය වැඩ දුන් ගෝඨා ජනාධිපති කොමිසමට.


ආරක්ෂක නාවික භටයින් දෙදෙනෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ අමෙරිකාවේ පිහිටි නිවසේ ආරක්ෂක රාජකාරී සඳහා යෙදවීම සහ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා අව භාවිතය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (09) දිනයේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

මෙම චෝදනාවට අදාළව පසුගිය අප්‍රේල් මස 18 වැනිදා ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට බරපතළ වංචා විමර්ශන  ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද එදින ඔහු එම කොමිසම හමුවේ පෙනී නොසිටි අතර නීතීඥවරුන් මාර්ගයෙන් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලුම් කර තිබී ඇත. 

ඒ අනුව අද පෙරවරුවේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.


Share on Google Plus