ගෝඨාගේ දූෂිත අවි ගනුදෙනු තවමත්.


පසුගිය රජය සමයේ ත‍්‍රිවිධ හමුදාවන්ට ආයුධ ආනයනය කිරීමේ දී ලංකා ලොජිස්ටික් ආයතනය හා අතරමැදියන් ලෙස ගනුදෙනු කරමින් මහා පරිමාණ දූෂණයන්හි නියැළුණු පාර්ශ්වයන් නව පාලනය යටතේද පෙර සේම ක‍්‍රියාත්මක වන බව වාර්තාවේ.

නාවික හමුදාවේ පුහුණුවීම් සඳහා මෑතකදී කෙරුණු අවි මිලදී ගැනීමක් ගැන විමර්ශනය කිරීමේදී මෙම තොරතුරු හෙළිවී ඇත.

පසුගිය සමයේදී මෙන්මන මෙම අවි ගනුදෙනු අතරමැදියන් හරහා සිදුකෙරී ඇති අතර එය සෘජුව නිෂ්පාදන සමාගම් හා සිදු නොකිරීමෙන් විශාල මුදලක් රජයට අහිමිවෙමින් පවතී.

ලංකා ලොජිස්ටික් ආයතනය ගෝඨාභය රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුතුව ඔහු විසින් ම පිහිටවූ ආයතනයකි. එහි සේවය කර ඇත්තේද ඔහුටම හිතවත් පිරිසක් වන අතර රාජපක්ෂ පාලනය බිඳවැටීමෙන් පසුව එහි ප‍්‍රධාන තනතුරුවල යම් වෙනසක් කෙරුණද පහළ නිලධාරීන් තවමත් අතරමැදියන් සමග සබඳතා පවත්වන බවද හෙළිදරව් වී තිබේ.

2005 වසරේ දී මිග් යානා මිල දී ගැනීමේ සිට මෙම ආයතනය හා සම්බන්ධ වෙමින් දූෂිත ගනුදෙනුවල නියැළුණු ව්‍යාජ අතරමැදි සමාගම් රැසක් ඇති බවත් ඒවා පිළිබඳව වහාම පරීක්ෂණ සිදුකළ යුතුව ඇති බවත් එහි ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

Share on Google Plus