ගම්මන්පිලගේ කම්බා හොරකමේ තවත් දේ හෙළිවේ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල විසින් සිදුකරන ලද කූට හා වංචනික ක‍්‍රියා රැසක් පිළිබඳත්, නීතිය අවභාවිතය කිරීමේ තොරතුරු වාර්තාත් මේ වන විට හෙළිදරව් වී ඇත.

ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රයක් උපයෝගී කරගෙන  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන බ‍්‍රයන් ෂෙඩික් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමට ලියාපදිංචි වූ සමාගමකට අයත් පෑන්ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1ක්ද,

සිලෝන් ටී ගාර්ඞ්න්ස් සමාගම සහ මෙට්ල් රීසයික්ලර්ස් කලම්බු සමාගමේ බ‍්‍රයන් ෂෙඩික්ගේ කොටස් හා සියළු වත්කම්ද කූට හා වංචනික ලෙස විකිණීමේ තොරතුරු වාර්තාද අනාවරණය වී තිබේ.

මේ වන විට පරීක්ෂණවලින් එම වංචාවට භාවිත කළ ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රය පිළිබද තහවුරු වී ඇත

ඊට අදාළ තොරතුරු පහත පරිදිය –

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන Brain Shadick ට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි සමාගමක් වන Digital Nominees සමාගමට අයිති Pan Asia බැංකුවේ කොටස් මිලියන 4.1ක් විකිණීම.

1. ඒ සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උදය ගම්මන්පිල නමට නිර්මාණය කිරීම.

2. වංචාසහගතව කොටස් විකිණීමට හා විකිණීමෙන් ලබා ගත් මුදල් උදය ගම්මන්පිලට හිතැති පරිදි භාවිත කිරීමට ව්‍යාජ ඇටෝනි බලපත්‍රය උපයෝගී කරගැනීම.

3. මෙම ව්‍යාජ ඇටෝනි බලපත්‍රය ඔස්ට්‍රේලියාවේ සිට එවන ලද්දක් ලෙස නිර්මාණය කර  තිබුණ ද එහි ආකෘතිය ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල ඇටෝනි බලපත්‍ර ආකෘතියට සම්පූර්ණයෙන්ම වෙනස් හා පටහැනි එකක් වීම.

(ඔස්ට්‍රේලියාවේ සැබෑ ඇටෝනි බලපත්‍රයන්හි අඩංගුවන නෛතික කරුණු කිසිවක් මෙම ව්‍යාජ ඇටෝනි බලපත්‍රයේ නොමැත)

4. මෙහි සඳහන් පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකුණා ඇත්තේ මිලියන 4.1 අවස්ථා 2කදීය. එනම්,

  1. කොටස් මිලියන 2.1ක් වනික් ඉන් කෝපරේෂන් ආයතනයට ද,
  2. මිලියන 2 ක් ධම්මික පෙරේරාට ද විකුණා එමගින් ලබාගත් මුදල් උදය ගම්මන්පිල විසින් ලබාගෙන ඇත.
  3. මෙම ගණුදෙනු සඳහා සාක්ෂි වශයෙන් අත්සන් කර ඇත්තේ උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිලයි.
  4. මෙම කොටස් මිලියන 4.1 වටිනාකම රුපියල් කෝටි 11කි.
  5. මේ වන විට පොලිස් විශේෂ විමර්ශණ ඒකකය මගින් සියළු විමර්ශණ කටයුතු අවසන් කර සාධාරණ කාලයක් ගත වී තිබියදීත් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පියවර නොගැනීම අගතියට පත් පාර්ශවයට හා ශ්‍රී ලංකාවේ ආයෝජකයින්ට සිදුකරන බලවත් අසාධාරණයකි.

Ceylon Tea Garden සමාගමේ කොටස් හා දේපල නීතිවිරෝධීව විකිණීම.

1. Ceylon Tea Garden සමාගමේ කොටස් හා දේපලවල 50%ක අයිතිකරු Brain Shadick වන අතර, ඔහු විසින් ආයෝජනය කරන ලද මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකි. (1 MillionAustralian Dollars) එනම් රුපියල් ලක්ෂ 1000කි.

2. Ceylon Tea Garden සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන් Brain Shadickව වංචාකාරීව ඉවත් කිරීම.

3. ඉන් අනතුරුව උදය ගම්මන්පිල Brain Shadickගේ අධ්‍යක්ෂක මණ්ඩල නියෝජිතයා ලෙස වංචාකාරීව පත්වීම.

4. පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි තේ ඇසුරුම් කිරීමේ ගොඩනැගිල්ල සහ ඉඩම වංචනිකව විකිණීම.

5. Ceylon Tea Garden ආයතනයට අයත්, මතුගම වලල්ලාවිට පිහිටි

Brombil තේ කර්මාන්ත ශාලාව පමණක් වංචනිකව රුපියල් මිලියන 190 (රුපියල් ලක්ෂ 1900) කට විකිණීම.

1. ඉහත සඳහන් Ceylon Tea Garden සමාගමේ දේපල හා කොටස් වංචනිකව විකිණීමට සඳහා උදය ගම්මන්පිල ඍජුවම සම්බන්ධවී ඇති අතර, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ඇති ලේඛණවලින් මේ බව තහවුරු වේ.

Metal Recycles Colombo

1. 1990 දශකයේ මුල Brain Shadick මහතා ලංකාවේ මුල්ම ආයෝජනය ලෙස පිහිටවනු ලැබුවේ Colombo Scrap Metal Company ආයතනය වන අතර පසුකාලීනව එහි නම Metal Recyclers Colombo ලෙස වෙනස් කරනු ලැබිණ.

2. මෙම ව්‍යාපාරය BOI අනුමත සමාගමක් වන අතර මේ මගින් විදේශීය රටවල යාන්ත්‍රිකව කැබලි කරන වාහනවල එම කැබලි මෙරටට ගෙන්වා ඒවා ලෝහ වර්ගය අනුව වෙන්කර නැවතප්‍රතිඅපනයනය කිරීම සිදුකරනු ලැබිණ.

3. ඉතා ලාභදායී ව්‍යාපාරයක් වූ මෙම ව්‍යාපාරය 1995 වසරේදී කොළඹ කොටස් වෙළඳපොලේ කොටස් නිකුත් කරන ලද අතර, ඒ මගින් රුපියල් 467,122,200 ක මුදලක් නැතහොත් රුපියල් කෝටි 46ක් (ලක්ෂ 4600)ක මුදලක් උපයාගන්නා ලදී.

4. කොටස් නිකුත් කිරීමෙන් අනතුරුව කිසිඳු කොටස් ආයෝජකයෙකුට ලාභාංශ ගෙවීමකින් තොරව මෙම ව්‍යාපාරය පාඩු ලබන ව්‍යාපාරයක් බවට පෙන්වා වසා දමා ඇත.

5. මීට අමතරව නීතිවිරෝධීව දේශීය වශයෙන් තඹ විකිණීම හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් නඩු පැවරීමක් ද සිදුවූ අතර එහිදී ඔවුන් විසින් අනාවරණය කරගනු ලැබුවේ දේශීයව තඹ විකිණීමේ මෙම කූට ව්‍යාපාරය ඔවුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවයි. පසුව 2002 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විසින් හඳුන්වාදුන් Tax Amnesty (බදු සමාව) යටතේ වරද පිළිගෙන ඔවුන් නඩුවෙන් නිදහස් විය.

6. කොටස් නිකුතුවෙන් පසු පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි MRC ව්‍යාපාරය, එඬේරමුල්ල පිහිටි ලංකා ලෝහ කර්මාන්ත ආයතනය වෙත ගෙන යන ලද අතර, පසුව මෙම ඉඩම සහිත ගොඩනැගිල්ල පමණක් රුපියල් මිලියන 100 (රුපියල් ලක්ෂ 1000) කට විකුණන ලදී.

7. අනිකුත් සියළුම ජංගම හා ස්ථාවර වත්කම් විකුණා දැමීම ද සිදුකරන ලදී.

මෙම මුදල් ඔවුන්ගේ පුද්ගලික පරිහරණය සඳහා භාවිත කර ඇත.

Share on Google Plus