මෛත්‍රී ජනාධිපතිව හම්බවෙන්න ඔබාමාත් පෝලිමේ.


ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුථවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සදහා ආරාධනා ලැබුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගීවූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි වී තිබෙනවා.

ජී- 7 සමුථවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුථවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සමුථවට සහභාගී වූ සෙසු රාජ්‍ය නායකයෝද ජනාධිපතිතුමාව ඉතා සුහදශීලි සහ උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ජනාධිපතිතුමා අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපතිතුමා අසළට පෝලීමේ පැමිණ සිය සුභාශීංසන පළ කළහ.

ශ්‍රි ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළ බවත් සඳහන්.

අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ එම සමගාමී සමුථවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුථ රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින්  ජනාධිපතිතුමා සමග සුහද කථා බහක නිරතවී සිටින අයුරු දක්නට ලැබිණි.



maithree g7 1
maithree g7 2
maithree g7 3
maithree g7 4
maithree g7 5
maithree g7 6
maithree g7 7
maithree g7 8
maithree g7 10





Share on Google Plus