දුෂිතයින් රැකගැනීමට දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ පෙරමුණක්.


ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන්, දුෂිතයන් රැක ගැනීමේ රාජ්‍ය නිලධාරීන්ගේ පෙරමුණක් නිර්මාණය වී ඇති බවත් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තවදුරටත් තමන්ගේ දුෂිත ක්‍රියා පිළිබඳ විමර්ශනය කරන්නේ නම් තමන් දරන අධ්‍යක්ෂ මණ්ඩලවල තනතුරුවලින් ඉල්ලා අස්වන බවට ඔවුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බලපෑම් කරමින් සිටින බවත් වෙබ් අඩවි වාර්තා සඳහන් කරයි.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සිදු වූ බරපතල වංචාවන් පිළිබඳව එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන් 06 දෙනෙකු ඊයේ (26) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගිනා නීති පති උපදෙස් මත අත්අඩංගුවට ගැනීමට නියමිතව සිට ඇති නමුත් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයා ජපානයට යාමට පෙර පොලිසියට නියෝග කර ඇති බවත් එසේ සිදුව ඇත්තේ මෙම දූෂිත නිලධාරි මාෆියාවේ තර්ජන හමුවේ බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ලක්ෂ ගණනක් වන රාජ්‍ය සේවකයින් අතරින් මෙම සංවිධානයට 139 දෙනෙකු දැනට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මෙම සංවිධානය මෙහෙයවීම සඳහා ගාමිණි සෙනරත්, අනුෂ පැල්පිට, එම්. ධර්මවර්ධන ඇතුළු පසුගිය රජයේ දුෂිත නිලධාරින් සම්බන්ධ බවත් මේ සඳහා රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ දුෂිත නිලධාරින් සහය දක්වන බවටත් තොරතුරු අනාවරණය වන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

මෙසේ දුෂිතයන් රැකීම සඳහා ඉදිරිපත් වී සිටින නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ද සහය දක්වන බව වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Google Plus