මහින්දානන්ද අත්අඩංගුවට ගන්න FCID ඇවිත්, ඉහල ඇමතුමකින් හැරී යයි.


පසුගිය රජය සමයේ හිටපු ක‍්‍රීඩා අමති මහින්දානන්ද අලූත්ගමගේ හා එකල එම අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි යන දෙදෙනා ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණද ඉහල දේශපාලන බලපෑමකින් එය නවතා දමා ඇති බව සමාජ ජාල ඔස්සේ වාර්තා පලවෙමින් තිබේ.

කැරම් බෝඞ් බෙදා දීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව මත නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලද උපදෙස් මත මොවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවත් විදෙස් සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණෙන තෙක් අත්අඩංගුවට ගැනීම නවතා දමන්නැයි ලද ඉහල දේශපාපලකයෙකුගෙන් ලද දැන්වීම මත මෙම තත්වය උදා වී තිබේ.

මේ හේතුව මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණස්සල්ලට පත්ව සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.

Share on Google Plus