ජනපතිට මරණබව කී කොල්ලාටත් සමාව.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මරණ තර්ජනය කළ සුමල් ලක්මන නම් තරුණයාට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඔහු මුදා හැර තිබේ.

තමා මලයාසියාවේ සිට මෙසේ මුහුණුපොතට වීඩියෝවක් නිකුත්කරමින් මරණ තර්ජනය කළ බවට ඔහු අධිකරණයේදී වරද පිළිගෙන ඇති අතර එම නිසා ඔහු මෙසේ මුදා හැරීමට අධිකරණය තීරණය කර ඇත. 

ඔහු දින 25ක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ය.

Powered by Blogger.