විමල් - දිනේෂ් සුද්ද සිංහලෙන් පාර්ලිමේන්තුව අමතයි.


ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාට සහ කතානායකවරයා අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතමයන් කිහිපදෙනාගෙන් එක් අයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාට පිස්සා..... පිස්සා.... කියමින් බැනවැදී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් ද ගුණවර්ධ මහතාට චෝදනා එල්ල වූ අතර බොහෝදෙනා පැවසූයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැටුම සන්සිඳුවනවා වෙනුවට ඔහු එය වර්ධනය කිරීමට කටයුතු කළ බවයි.

මේ අතර විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට වේ... පුතා කියමින් බැනවැදුණු බව පාර්ලිමේන්තු ප්‍රකාශකයා අපවෙත සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මෙවැනි ජ්‍යෙෂ්ඨයන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින අශෝභන ලෙස හැසිරෙන ආකාරය පසුගිය කාලසීමාව පුරා දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් ම ස්ථාවර නියෝග සංශෝධනය කිරීම කෙරෙහි කතානාකයවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

පසුගියදා සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවට අනුව පාලිත තෙවරප්පෙරුම සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගත් අතර සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවිණි. ස්ථාවර නියෝගවලට අනුව ඒ ලබාදී තිබෙන්නේ දියහැකි උපරිම දඬුවමයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා කරමින් හැසිරෙන මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් උපරිම දඬුවම් ලබාදීම සඳහා ස්ථාවර නියෝග සංශෝධනයක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

එසේ වුවහොත් ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් පසු දඬුවම් ලබාදෙන පළමු මහජන නියෝජිතයන් දෙදෙනා වනු ඇත්තේ විමල් හා දිනේෂ් බව අදාල පාර්ලිමේන්තු ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

Share on Google Plus