තජුදීන් ඝාතනය ගැන DIGවරයෙකුගෙන් ප්‍රශ්න කරයි.


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්දයෙන් රහස් පොලිසිය රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතාගෙන් අද (04) උදේ ප්‍රශ්න කිරීම ඇරැඹූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්න කිරීම සිදු කරන්නේ රථවාහන අනතුරකදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නත් තාජුදින් සිද්ධියේදී එම පියවර ගෙන තිබේද යන්න සොයා බැලීම සඳහා අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් දැනැගැනීමට මිස සේනාරත්න මහතා තාජුදීන් ඝාතනයේ සැකකරුවකු නොව බවද පැවසේ.

තාජුදීන් සිද්ධිය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ ලිපිගොනුව බහා තැබීමට උපදෙස් දී ඇත්ද එසේ උපදෙස් දුන්නේ කවුරුන්ද යන්නද එම පරීක්ෂණයේ හැකිවෙතැයිද පැවසේ. 

මොහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසියේ තවත් උසස් නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද දේශපාලනඥයකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බවද ඉහත ආරංචිමාර්ග අනාවරණය කරයි.

Share on Google Plus