හොරු රකින්නැයි CIDටය FCIDයට දේශපාලන බලපෑම් - නිලධාරීන් පිරිසක් ඉල්ලා අස්වේ.


ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ නවතා දැමීමට සහ ඇතැම් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම වළක්වාලීමට දිගින් දිගට ම දේශපාලන අධිකාරියෙන් එල්ල කෙරෙන බලපෑම් හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සහ මූල්‍ය අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති  රවි වෛද්‍යාලංකාර මහතා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සූදානමක සිටින බව වාර්තා වේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ටාශය මේ වන විට පසුගිය රජය සමයේ සිදුකෙරුණු අපරාධ සහ වංචා දූෂණ සිය ගණනක් පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති අතර මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් විමර්ශන ලිපිගොනු 52ක් නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතත් දේශපාලන බලපෑම් මත නීතිපති දෙපාර්තමේන්තුව අදාල නීතිමය ක්‍රියාදාමයන් ප්‍රමාද කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙනා නියෝග ක්‍රියාත්මක කිරීමට දේශපාලන අංශ බාධා පමුණුවන බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 

උදාහරණයක් ලෙස, රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සම්බන්ධ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම වැළැක්වීමට දේශපාලන බලපෑම් එල්ල වන බවත් අලි පැටවුන් ජාවාරමේ සියලු විමර්ශන කටයුතු සිදුකර තිබුණද අදාල නඩු පැවරීම් ඉහළ දේශපාලන බලපෑමක් මත නැවතී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පෙන්වා දෙයි. 

මෙසේ දේශපාලකයිනේ 'ඩීල්' ඉදිරියේ පුද්ගලයින් අත් ආංගුවට ගැනීමටත් පසුව කිසිදු වගවිභාගයකින් තොරව නිදහස් කිරීමටත් තමන්ට සිදුවී ඇති බැවින් අවසන තමන්ට ඉතිරි වන්නේ නිකරුණේ චෝදනාවන්ට ලක් වීමට බව ඉහත කී පොලිස් අංශයන් දෙකෙහි ඉහළ නිලධාරීන්ගේ අදහස වී ඇති බැවින් ඔවුහු මෙසේ ඉල්ලා අස්වීමේ සූදානමක පසුවෙති. 

-LNW

Share on Google Plus