ආර්ථික කුලී ඝාතකයන් මහ බැංකුවට අත තබන්න සැරසෙයි...


මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂිතයන් කිහිප දෙනෙකු මහ බැංකුවේ ඉහල පුටු වෙනස් කරන්නට සැරසෙන බව වාර්තා වී තිබේ.

තමන් දිගටම පවත්වාගෙන ගිය මූල්‍ය වෙළදපොලේ දූෂිත කටයුතු වර්තමානයේ කරගැනීමට නොහැකි දූෂිතයන් ආර්ථිකයේ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමක් පෙන්වමින් දූෂණයට විරෝධී ඉහල නිලධාරින්ට අභූත චෝදනා එල්ල කරමින් මහ බැංකුවේ බලය ලබා ගැනීමට සැරසෙයි.

පසුගිය රජය සමයේ අයුතු ලෙස මුදල් රැස් කරගත් ඔවුන්ට මේ වන විට වර්තමාන මහ බැංකුවේ විනිවිදභාවය සහ සමස්ත ආර්ථිකයට සෙතක් වන ප්‍රතිපත්ති හිසරදයක් වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාට සහ ආර්ථිකයට සම්බන්ධව කටයුතු කරන වෘත්තිකයන්ට නිර්දය ලෙස පහරදීමට උත්සාහගනී.

ඒ සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද, රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ මැති ඇමතිවරුන් සුළු පිරිසක් සහ ඔව්න්ගෙන් ප්‍රතිලාභ ලබන දූෂිත රජයේ නිලධාරින්ද යොදා ගනිමින් අවලාද ප්‍රහාර දියත් කරමින් සිටියි.

පසුගිය ආණ්ඩුවේ දුෂිතයන්ට හසුවී ඇති මේ අය දූෂිතයන්ගේ බළල් හස්තයට හසුවී ඇති බවක් ඔවුන්ද නොදනී.

ප්‍රබල ඇමතිවරයෙකුට සම්බන්ධ බෑනෙකුද මීට සම්බන්ධ බවට තොරතුරු හෙළි වී ඇත.

කෙසේ වෙතත් ආර්ථිකය වැට්ටවීමට වෙර දරන මෙම දූෂිතයන් පිළිබද බුද්ධි අංශ අවධානය මේ වන විටත් යොමුව ඇති බවට අපට දැනගන්නට ලැබුණි.

මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂිතයන්ගේ වතගොත  ඉදිරියේදී හෙළිදරවු වීමට නියමිතය.

ජාත්‍යන්තර අත්දැකීම් සහිත උගත් වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම ධුරයෙන් ඉවත් කොට තමන්ට හීලෑ අයෙකු පත්කර ගැනීම දූෂිතයන්ගේ ඒකායන අරමුණ බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

Share on Google Plus