ජනමාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට.


ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

නව රජයේ මාධ්‍ය ප්‍රතිපත්තියට හා සිය රාජකාරියට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ජනමාධ්‍ය ලේකම්වරයා ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ.

ඒ මහතා ලේකම් ධුරයට පත්වී ප්‍රථම නිල රාජකාරිය වශයෙන් "උතුම් වූ මාධ්‍ය නිදහස අවභාවිත නොකරමු" යන මැයෙන් හා ඒකාබද්ධ විපක්‍ෂය ලෙස හැඳින්විය යුතු නැතැයි මැයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මතු වූ ගැටලුව රජයේ මෙම තීරණයට හේතු වී තිබේ.

මෙම නිවේදනය හේතුවෙන් ජනපති අගමැති ඇතුළු ආණ්‌ඩුව දැඩි අපහසුතාවට පත්වූ අතර ඒ සම්බන්ධව ජ්‍යෙෂ්H ඇමැතිවරුන් පිරිසක්‌ ඉදිරියේදී සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසේ.

Share on Google Plus