සංචාරක මණ්ඩලයට අර්ජුනගේ බළල් අතක්.


පැරණි රාජපක්ෂ පාලනය විසින් පත්කර තිබු පාලනාධිකාරිය ඉවත් වීමෙන්  පසුව යහ පාලන ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට නව සාමාන්යාධිකාරවරයෙකු පත්කර තිබිණ. අති දක්ෂ පරිපාලකයකු වූ ඔහු නිලධාරීන්ගේ විෂම ක්‍රියා වලට එරෙහිව බොහෝ සාධනීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් ආයතනය තමාගේ බුදලයක් ලෙස සලකා කටයුතු කල දුෂිත නිලධාරීන්ගේ කෝපයට ලක්විය. මණ්ඩලයේ දුෂිත නිලධාරීන් එක්ව බොරු චෝදනා එල්ල කොට එම සාමාන්යාධිකාරවරයා ඉල්ලා අස්වන තැනට කටයුතු කළහ.

අනතුරුව මණ්ඩලය සඳහා සාමායාධිකාරීවරයකු පත් කිරීම සඳහා ඉල්ලුම් පත් කැඳවා පුවත් පත් දැන්වීම් පල කෙරින. තනතුර සඳහා ඉල්ලුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුන අතර ඉන් තිදෙනකු ලැයිස්තු ගත වින. එම තිදෙනාම දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ය.

අර්ජුන රණතුංග හිටපු සංචාරක අමාත්‍ය වරයා කරලියට පැමිණෙන්නේ මෙම අවථාවේදීය. වරාය පමණක් නොව සංචාරක මණ්ඩලයද කාබාසීනියා කර දැමීම සඳහා අර්ජුනගේ හස්තය ක්‍රියාත්මක වන සිදුවීම් පෙළ මේ ලිපියෙන් දැක්වෙයි

දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් තිදෙනෙකු අදාළ තනතුරට සම්මුඛ පරීක්ෂණ සඳහා ලැයිස්තු ගත වුනද අර්ජුනගේ බලපෑමෙන් ලැයිස්තුව වෙනස්වී නව මුහුනක් කරලියට පැමිණෙයි. එනම් ඉල්ලුම්පත් දැමු නමුත් ලැයිස්තුවෙන් ප්‍රතික්ෂේපවී හැලීගිය රුවනි ඩයස් බණ්ඩාරනායක නම් අර්ජුනගේ හිතවතියයි. ඒ වනවිට වරාය අධිකාරියට අයත් ජේ. ටී. සී. පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඇය සේවය කරමින් සිටිය අතර  වරාය සේවකයින්ගේ දැඩි විරෝධයක් ගොඩනැගෙමින් තිබිණ. මේ හේතුවෙන් අර්ජුන රණතුංග විසින් සංචාරක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ඇය පත්කර තමාගේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා මාන බලා දැඩි දේශපාලන බලපෑමක් සංචාරක මණ්ඩලය වෙත එල්ල කෙරින.

දේශපාලන බලපෑම් වල අනුභාවයෙන් සුදුස්සන් කැපී, ලැයිස්තු සියල්ල වෙනස්වී, තනතුර සඳහා අවම සුදුසුකම් වත් නොසැපිරු රුවනි ඩයස් බණ්ඩාරනායක සම්මුඛ පරීක්ෂණයට කැඳවා තෝරා පත්කර ගැනින. ආයථා අන්දමින් පත්වීම ලබාගත්  රුවනි ඩයස් බණ්ඩාරනායක වැඩභාර ගත්තේද විෂමාචාරයක් සිදුකරමිනි. එනම් තමාගේ වියදමින් මණ්ඩලයේ සේවකයන් වෙත කිරිබත් සහ තේ පැන් සංග්‍රහයක් පවත්වන බව පවසා ගල්කිස්ස හෝටලයෙන් රුපියල් හැත්තැ පන් දහසක බිල්පත සංචාරක මණ්ඩලයේ වියදමින් ගෙවීමය. මෙම බිල්පත ගෙවීම සඳහා ආයතනයේ මුල්‍ය අංශය වෙත ඇය විසින් ඉතා දැඩි බලපෑමක් එල්ල කොට තිබිණ.

කෙසේ නමුත් ප්‍රධාන ප්‍රශ්නය මේ කිසිවක් නොවේ. මේ වනතෙක් ඇය විසින් ලබා දිය යුතු සහතික සහ ලේඛන කිසිවක් සංචාරක මණ්ඩලය වෙත ලබා නොදීමය. තනතුර ලබාගැනීම සඳහා අයදුම් පත සමග යොමුකළ ජීව දත්ත සටහනේ  අධ්‍යාපන සුදුසුකම් ලෙස ලන්ඩන් නීති උපාධිය සඳහන් කර තිබුනද එහි සහතිකය භාරදී නොමැත. සහතික ඉදිරිපත් කර නොමැති නිසා සේවා ගිවිසුම අත්සන් කිරීම දිනෙන් දින කල් යමින් පවතියි. සේවා ගිවිසුම නොමැතිව වැටුප් ගෙවීම සිදුකල නොහැකි නමුත් තනතුරේ අධිකාරී බලය අවභාවිත කරමින් සේවකයන් වෙත දැඩි පීඩනයක් එල්ල කොට කෙසේ හෝ වැටුප ලබා ගන්නා බවද අප වෙත වාර්තා වේ. ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයද  කිහිප වතාවක් සේවා ගිවිසුම අත්සන් කරනා ලෙස බල කර තිබුනද එයට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ලැබී නැත.

තමාට තනතුර සඳහා සුදුසු කම් තිබේ නම් අදාළ සහතික රුවනි ඩයස් බණ්ඩාරනායක විසින් ආයතනය වෙත යොමුකළ යුතුය. එසේ නොමැතිව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට පත්වීම ලබාගෙන ඇතිනම් සංචාරක මණ්ඩලයේ පාලනාධිකාරිය එයට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.

-LNW


Share on Google Plus