යහපාලනය දෝරේ යයි - අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යංශයට.


විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධූරයට පත්කර තිබේ.

ඒ මහතා අද (23) සිය ධූරයේ වැඩ භාරගෙන ඇත.

පැල්පිට මහතා කලක් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළ අතර පසුගිය රජය සමයේ සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂණ් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මොහුට විරුද්දව නඩුවක් ද පවතී.

Share on Google Plus