හෙළිදරව් සාර්ථකයි - පැල්පිටගේ සහ රණවකගේ වැඩ තහනම්.


රාජ්‍ය පරිපාලන සේවයේ නිරතව සිටි අනූෂ පැල්පිට මහතා සහ ආර්.ඒ.ඒ.කේ. රණවක මහතාගේ සේවය අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළේය.

එහි ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ, කොමිෂන් සභාව අද පස්වරුවේ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව අදාළ තීරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

අදාල පත්වීම් සම්බන්ධයෙන් අප දිගින් දිගටම හෙළිදරව් කළෙමු. ඒ සම්බන්ධ්හයෙන් සබැඳි පුවතක් පහතින්, 

පැල්පිටගෙන් නොනැවතී - දිවි නැගුම වංචා සැකකරු රණවකත් නැවතත් තනතුරකට.


Share on Google Plus