ඇවන්ගාඞ් සභාපතිගේ ගිණුමේ මුදල් ගන්න අවස්ථාවක්.


පැනමා පත‍්‍රිකාවල සඳහන් පරිදි ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා තමා නමින් ගිණුම් පවතින බවට ඔප්පු කරන අයකුට එම ගිණුමේ ඇති මුදල දෙන බවට ඔහුගේ නීතිඥ නිශාන් පේ‍්‍රමතිරත්න මහතා මාර්ගයෙන් මාධ්‍ය වෙත ඊයේ (10) නිවේදනයක් යොමු කරමින් පවසයි.

නිශ්ශංක සේනාධිපති මහතාගේ නීතිඥවරයා යොමුකළ නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

මාධ්‍ය මගින් වාර්තා කර ඇති පරිදි තම සේවාදායකයා වන නිශ්ශංක සේනාධිපති මහතා සතු කිසියම් මුදලක් පැනමා ගිණුම්වල නොමැති බව අදාළ නිවේදනයෙන් පෙන්වා දෙයි.

එමෙන්ම තමන්ගේ සේවාදායකයා මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවීම් වාර්තාකරණයේදී සැලකිලිමත් වන ලෙසයි.

මීට පෙරද ඇවන්ගාඞ් සමාගම පදනම් විරහිත සහ අභූත චෝදනාවලට ලක් වූ බවද පෙන්වා දෙන සේනාධිපති මහතාගේ නීතිඥවරයා එවැනි චෝදනාවකට ලක් වූ ගිණුම් හිමි පුද්ගලයන් පිළිබඳ විශේෂයෙන් පරීක්ෂණයක් කර ඔවුන් එම මුදල් උපයාගත් ආකාරය සොයාගත යුතු බවයි.

එමෙන්ම මෙම පැනමා පත‍්‍රිකාවල තවත් පුද්ගලයින්ගේ නම් සඳහන්ව තිබුණද නිශ්ශංක සේනාධිපති මහතාගේ නමට විශේෂ වැදගත්කමක් දීම සහ අපහාසයට ලක් වන ලෙස භාවිත කිරීම පිළිබඳවද තම සේවාදායකයා සැලකිලිමත් වන බව අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම හෙළිදරව් කිරීම් පිළිබඳව නිශ්ශංක සේනාධිපති මහතා විමතියට පත් වෙන බවද ඔහුගේ නීතිඥවරයා පෙන්වා දෙයි.මෙම පත‍්‍රිකාවල නම් සඳහන් පුද්ගලයින් පිළිබඳ පරික්ෂණයක් කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවද ඔහුගේ නීතිඥවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ සම්බන්දයෙන් ඇවන්ගාඞ් සභාපති කල ප‍්‍රකාශය පහතින්

වීඩියෝව මෙතනින්>>> https://youtu.be/SjDEe1ZEPKE


Share on Google Plus