ස්මාර්ට් නගරයකට කොරියාවෙන් ඩොලර් බිලියන 63 ක්.


ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට් නගර ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 63 ක් ආයෝජනය කිරීමට කොරියානු ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (24) දිනයේ දී අත්සන් තබා ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 9,000 ඉක්මවූ ආයෝජනයකි.

මෙම ස්මාර්ට් නගර ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු ඉඩම් අමාත්‍ය කැන්ග් හො-ඉන් සහ මෙරට මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක යන මහත්වරුන් කොරියාවේ සියෝල් නුවර දී අද දිනයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙගාපොලිස් සැලසුම යටතේ ශ්‍රී ලංකාව තුළ නව නගර 9 ක් ඉදිකිරීමට නියමිත අතර ඉන් එකක් ගුවන් තොටුපළ ආසන්නයේ ඉදි වනු ඇත. අනෙක් නගර අතරට විද්‍යා හා තාක්ෂණ, කාර්මික, සංචාරක හා ලොජිස්ටික් යනාදී අංශ ඇතුළත් වේ.

Smart water management, Intelligent transport systems හා Smart home systems යනාදී ක්ෂේත්‍රවල කොරියානු අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය යටතේ බලාපොරොත්තු වේ.

Share on Google Plus