කොලොන්නාවේන් 50% ක් ජලයෙන් යටවෙලා.


කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ජලයෙන් යටවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. මේ වනවිට ගංවතුරට කොටුවී සිටින ජනතාව බේරාගැනීමේ කටයුතු සිදු කරන බවත් ඔවුන්ගෙන් 95% ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අවතැන්වූවන් සඳහා අවශ්‍ය පිසූ ආහාර ලබාදීම සඳහා වැඩපිළිවෙලක් දියත් කර ඇති බැවින් තවදුටත් පිසූ ආහාර ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. එහෙත් පානීය ජල බෝතල්, කුඩා දරුවන්ගේ කිරිපිටි වැනි දෑ ලබාදෙන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.



Share on Google Plus