බුද්ධි අංශ වාර්තාව එයි - වැඩිම එජාපයට - මහින්දට 3ත් නෑ.


මෙවර මැයි රැලියේ ඉහළම ජනතා සහභාගීත්වය වාර්තා වී ඇත්තේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට බව බුද්ධි අංශ වාර්තා කර තිබේ.

එජාපයට දෙවනුව විශාලම ජන සහභාගීත්වය සිදුව ඇත්තේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලියට බව වාර්තා වේ.

රාජ්‍ය බුද්ධි අංශ පවසන ආකාරයට තෙවැනි ස්ථානයට වැඩිම ජන සහභාගීත්වය සිදුව ඇත්තේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයට අයත්වූ මැයි රැලියටයි. මෙම මැයි රැලිය කඳුරට ජනතා පෙරමුණ, බස්නාහිර ජනතා පෙරමුණ ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හා එක්වයි.

මීළඟ ස්ථානය හිමිව තිබුණේ කිරුළපන පැවැති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් රැලියට සහ බී.ආර්.සී. පිටියේ පැවැති ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලියටයි.

-Dinamina

Share on Google Plus