ඛනිජ තෙල් සංස්‌ථාව කෝටි 1840 ක්‌ පාඩුයි.


ගිය වසරේ දී (2015) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ අලාභය රුපියල් කෝටි 1840 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ 2014 වසරේදී රු. කෝටි 150 ක සුළු ලාභයක්‌ වාර්තා කළේය. 

ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ වැටීම හමුවේ පවා ගිය වසරේදී තෙල් සංස්‌ථාවේ මූල්‍ය තත්ත්වය දුර්වල වූ බව පසුගියදා නිකුත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික වාර්තාවේ (2015) දැක්‌වේ.

ගිය වසර ආරම්භයේදී දේශීය ඛනිජ තෙල් මිල ගණන්, එයට සරිලන ලෙස බදු අඩුකිරීමකින් තොරව සැලකිය යුතු ලෙස පහළ දැමීම සහ වසරේ අවසන් කාලයේ දී රුපියල පිරිහීම හේතුවෙන් තෙල් සංස්‌ථාව විසින් වෙළෙඳ ගනුදෙනුවලට ගෙවිය යුතු මුදල් හා බැංකු අංශය වෙත ඇති වගකීම් ප්‍රමාණය ඉහළ යැම මෙසේ ඛනිජ තෙල් සංස්‌ථාවේ මූල්‍ය තත්ත්වය බලපෑ මූලික කරුණ වූ බවද එම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

Share on Google Plus