මහින්ද රජයේ තව 15කට ළඟදීම වැඩ වරදී.


පසුගිය රජය සමයේ ව්‍යාජ ගනුදෙනු සහ අයථා ලෙස දේපළ රැස්කරගෙන ඇතැයි කියන දේශපාලනඥයන් 15 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බව පොලිසිය පවසයි.ඇතැම් දේශපාලනඥයන් තම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නම්වලින් මිලදී ගෙන ඇතැයි කියන දේපළ පිළිබ¼දවද පොලිස් මූලස්ථානයට ලැබී තිබූ තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් අල්ලස් කොමිසමටත් යවා ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

මේ ගනුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය එම දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට අපොහොසත් වූ අවස්ථාද ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. දැනට පරීක්ෂණ අවසන් වෙමින් තිබෙන අදාළ ගොනු පිළිබඳව අවසාන නිගමනයන් ලබන සතියේදී අවසන් කොට ඒවා නීතිපති උපදෙස් ලබාගැනීමට යවන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බවද පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියා පැවැසීය. 

Share on Google Plus