නිදහස් පක්ෂ සංවිධාන කමිටුවේ ප්‍රබලයෙක් ඒකාබද්ධ මැයි රැළියට.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගාල්ලේදී සංවිධාන කර ඇති මැයි රැළියේ සංවිධාන කමිටුවට නම් කර තිබුණත්, තමන් සහභාගි වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ තමන් සැමදා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කළ මන්ත්‍රීවරයෙකු බවයි. 

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ප්‍රකාශ කළේ ගාල්ලේ පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි රැලියේ සංවිධාන කටයුතු සඳහා ජනාධිපතිවරයා විසින් නම් කළ කමිටුවට කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අළුත්ගමගේ යන මන්ත්‍රීවරුන් ඇතුළත් බවයි.

Share on Google Plus