බැසිල්ගේ ආගමනයට විමල් එරෙහි වෙයි.


හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට සුවිශේෂී සංවිධාන හැකියාවක් තිබුනද මහ ජනතාව තුල ඔහු කෙරෙහි ඇති අදහස එතරම් හොඳ නොවන නිසා කරලියට නෑවිත් තිරය පිටුපස සංවිධාන වැඩ කරන්නැයි තමන් ඇතුළු කිහිප දෙනෙකු ඔහු හමුවී ඉල්ලා සිටි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ ස්වර්ණවාහිනියේ ‘මහජන සේවය පිණිසයි’ වැඩසටහනට එක්වෙමින් කියා සිටියේය.

බැසිල් රාජපක්‍ෂ මහතා කරලියේ හැසිරීම තුල ඒකාබද්ද විපක්‍ෂය කරා ඇදෙන සමාජ බලවේග දුර්මුඛ වන්නට බලපානු ඇතැයිද කී ඔහු සද්භාවයෙන් තමන් ඉදිරිපත් කරන මේ යෝජනා සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරියේදී වැඩි අවධානය යොමු කරනු ඇතැයිද කියා සිටියේය.

Share on Google Plus