Waters Edge සභාපතිගේ දානය ගැන පැහැදිලිකිරීමක්.



"Waters Edge සභාපතිගේ දානය, මල දානයක් වෙයි." යනුවෙන් info Sri Lanka News වෙබ්අඩවියේ පළවූ පුවත සම්බන්ධයෙන් Waters Edge ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා වන රොහාන් ප්‍රනාන්දුපුල්ලේ මහතා අප වෙත පැහැදිලි කිරීමක් එවා තිබේ.

එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.

"2016 අප්‍රේල් 09 දින කොළඹින් බැහැර ප්‍රදේශයක ඇති පන්සලක පවත්වන්නට නියමිත දානයක් සදහා 100% නිර්මාංශික ආහාර වේලක් සැපයිම සදහා වූ මිල කැදවීමක් ලබා දෙන ලෙස අපෙන් ඉල්ලීමක් කර තිබුණි. අප්‍රේල් මාසයට යෙදී ඇති අධික නිවාඩු නිසා අප්‍රේල් මාසය ව්‍යපාරික කටයුතු සදහා තරමක් දුෂ්කර කාලයකි, එම නිසා සත්කාරක සේවා සමාගම් අතර ද කිසියම් ආකාරයක හෝ ව්‍යාපාරික කටයුත්තක යෙදීමට දැඩි තරගයක් පවතියි .

අප හට දන්වා  තිබු පරිදි තවත් සැපයුම්කරුවෙක් ද රු .1200 (රු.1200 X 300 = රු.360, 000/- මුළු) ගනන් වලට මිල කැදවීමක් ඉදිරපත් කර තිබුණි.මෙම කාලය දුෂ්කර කාලයක් නිසාත් එම උත්සවය පැවැත්වෙන්නේ ඉරිදාවක නිසාත් (සතියේ අඩුවෙන්ම සැපයුම් ලැබෙන දවස ) සහ මෙම ගනුදෙනුව ආයතනය සතු කර ගත් යුතු නිසාත් රු 1166.66 (රු 1166.66 X 300 = රු 350, 000මුළු) වන ආකාරයට තරගකාරී මිලක් අප කැදවීමක් යෝජන කර සිටියා.

තරගකාරී සැපයුම්කරුවන්ගෙන් මෙම ගනුදෙනුව දිනා ගැනීම සදහා රු 10,000ක් අඩු කල බවට මෙයින් පෙනී යයි. ආහාර ප්‍රවාහනය සදහා අප කුලියට වාහනයක් ලබාගත් අතර  ඒ සදහා වන 72,000  කුලිය සෘජුවම ප්‍රවාහනය කල සමාගමට ගෙවන බවට සංවිධායකයින් එකග උනා. උත්සවය පවත්වන ස්ථානය කොළඹින් බැහැර ප්‍රදේශයකයි පිහිටා  තිබෙන්නේ.

අපි මේ ගනුදෙනුවෙන් මුල්‍යමය වශයෙන් පාඩුවක් ලබන්නේ නෑ ,ඒ වෙනුවට එයින් මුදලක් ලබනවා , මන්ද එදිනට යෙදී ඇති එකම උත්සවය එය නිසාවෙනි.කිසි දෙයක් නොකර ඉන්නවට වඩා කිසියම් හෝ ව්‍යාපාර කටයුත්තක යෙදීම වඩා අගනේය මන්ද අප සේවකයන්ට හා කෝකියන්ට ද මාසික පඩි ගෙවිය යුතු නිසාවෙනි.

එවැනි ඇල්මැරුණු දිනකයදී ඔවුන්ට ලැබෙන සේවා දීමනාව ගැන හා බුදු දහමට ලැදි අය වශයෙන් මෙවැනි පුණ්‍ය ක්‍රියාවකට සහභාගී වීමේ අවස්තාව ද හිමි වීම නිසා හෝටලේ සේවකයින් මේ උත්සවය සදහා දැඩි උනන්න්දුවකින් සිටියා.

2016 අප්‍රේල් 18 වන විටත් අහාර සදහා සාමාන්‍ය පරිදි 30% පිරිවැයක් දරා තිබුනා. නමුත් එවැනි අඩු සැපයුම් සහිත දිනකදී ඉදිරිපත් කල ඇති මේ අහාර ලැයිස්තුව සදහා වියදම 45% පමණ වෙනවා. මෙය හෝටල් ක්ෂේශ්ත්‍රයේ ඇතිවන ක්‍රියාකාරකම් වලදී සිදුවන සාමන්‍ය දෙයකි.

අප සංවිධානය හා එහි සේවකයින් අපහසුතතාවයට පත් වන අයුරින් ඉදිරිපත් කර තිබු සාවද්‍ය තොරතුරු ගැන අප ඉතා කණගාටු වෙනවා. මේ සම්බන්දයෙන් ඔබ ආයතනයේ මාධ්‍යවේදියෙක් මේ ගැන තොරතුරු ලබගන්නේ නම් අප ඉතා සතුටු වනවා සේම අප ආයතනය සතු පක්ෂපාති ගනුදෙනුකරුවන්ගේ විශ්වාශය ද රැක ගනිමින් ,සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට අප උත්සුක වනවා බව මෙහි සදහන් කල යුතුයි."

පසු සටහන : Waters Edge ආයතනයේ ප්‍රගතිය සහ කළමනාකාරිත්වයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරිදිනකදී ඔබ ආයතනය සමඟ සාකච්ඡා කොට සවිස්තර වාර්තාවක් අප පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

එසේම උගත් භික්ෂුන්වහන්සේ නමක් පවිදිකිරීමේ උත්සවයක් සමබන්ධයෙන් සංවිධානය කර තිබු මෙම දානය ඉතා සුවිශේෂී කටයුත්තක් වන අතර ඒ සම්බන්ධයෙන් අප ඔබ ආයතනය අගය කරන්නෙමු.


Share on Google Plus