Waters Edge සභාපතිගේ දානය, මල දානයක් වෙයි.


බත්තරමුල්ල, වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයේ සභාපති චමත් ද සිල්වා මහතාගේ නිවසේ පැවැති හීල් දානයකට වෝටර්ස් එජ් හෝටලයෙන් ඉතා අඩු මිලකට කෑම සැපයීමෙන් එම හෝටලයට විශාල පාඩුවක් සිදුව ඇති බව එම හෝටල් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ දානමය පුන්‍යකර්මය පසුගිය 17 වැනිදා සිදුකර ඇති අතර ඒ සඳහා අදාළ හෝටලයෙන් කෑම පිඟන් 300ක් ලබාගෙන ඇති බව පැවසේ.

එම කෑම පිඟන් සඳහා චමත් මහතා ගෙවා ඇත්තේ රුපියල් 350,000 ක මුදලකි.

ඒ අනුව රුපියල් 3,500ක් පමණ වන කෑම පිඟානක් චමත් මහතා ලබාගෙන ඇත්තේ රුපියල් 1,166ක් වැනි මුදලකටය.

එසේම මේ කෑම බීම ප්‍රවාහනය කිරීමට ප්‍රවාහන ගාස්තුද අයකර නොමැති බව පැවසේ.

සාමන්‍ය ක්‍රියා පිළිවෙත අනුව එසේ ආහාර ප්‍රවාහනය කිරීමේදී රුපියල් 25,000ක පමණ මුදලක් ප්‍රවාහනය සඳහා වෝටර්ස් එජ් (Waters Edge) හෝටලය අයකරන බවද එම හෝටල් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රුපියල් 350,000කට අදාළ සියලුමදේ සපයන ලෙස චමත් ද සිල්වා මහතා සිදුකළ නියෝගයකට අනුව හෝටල් සේවක කාර්යමණ්ඩලය ඒ මහතාගේ දානය සඳහා මෙසේ ආහාර සපයා තිබේ.

එම හෝටලයෙන් අධ්‍යක්ෂවරකුට ලැබෙන විශේෂ වට්ටමද වන්නේ 25%ක් බව පැවසේ.

බත්තරමුල්ලේ පිහිටි "වෝටර්ස්‌ එඡ්" (Waters Edge) හෝටලහෝටලයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ වෝටර්ස්‌ එඡ් ලිමිටඩ් විසිනි.

එය මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට අයත්වූවකි.

-SLM

Share on Google Plus