දයාසිරිට කැපිල්ලක්. (Video)


පොල්ගහවෙල නගරය හරහා ඉදිකෙරෙන ගුවන් පාලමට මුල් ගල තැබීමේ උත්සවය ඊයේ (11) පොල්ගහවෙල දුම්රිය පොළ අසළදී පැවති අතර එම අවස්ථාවට පැමිණි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාව නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සංවිධායකයින්ට දෝශාරෝපනය කොට බැන වැදී පිටව ගොස් ඇත. 

දයාසිරි ජයසේකර මහතා පොල්ගහවෙළ සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයෙකුද වන අතර ඔහු මෙම පාලම ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරන කමිටුවේ සභාපතිවරයෙකුද වේ. කෙසේ නමුත් අදාළ උත්සවයට ආරාධනා කරමින් යොමුකළ ආරාධනා පත්‍රවල සහ ප්‍රචාරක පෝස්ටර්වල දයාසිරි ජයසේකර මහතාගේ නම යොදා නොතිබීම සහ උත්සවය පැවති ස්ථානයේ කොළපාට කොඩිවලින් පමණක් සැරසිලි කිරීම ආදියට විරෝධය දක්වා මෙසේ දයාසිරි ජයසේකර මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

Share on Google Plus