Ads Top

Ray Ad

VAT බද්ද ඉහළට.


වැට් බද්දෙහි වැඩි වීම මැයි මස දෙවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සියයට  11ක්ව පවතින වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබුණි.

අදාළ බදු වැඩිවීම අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට තිබුණ ද එය තාවකාලිකව නතර කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගන්නා ලදී.

 කෙසේවෙතත් අදාළ බදු සංශෝධනය මැයි මස 02 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

 මෙම බදු වැඩිවීම සෞඛ්‍ය සහ සන්නිවේදන අංශයන්ට ද ඇතුළත් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.


Powered by Blogger.