විමල් සන්ධානෙන් ඉවතට.


ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළ බව විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවට පැවසීය.

එහිදී තමන් මේ පිළිබඳ දන්වමින් කථානායක කරු ජයසුරිය මහතාට ලිපියක් යොමුකළද මෙතෙක් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදී නොමැති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

ඊට පිළිතුරු දුන් කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ අදාල කරණය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

Share on Google Plus