රනිල් බලය අතට ගනී සජිත්ට රවීට තනතුරු නැති වෙයි?


ලබන අඟහරුවාදා උදෑසනරැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ තනතුරු රැසක් අහෝසි කිරීම සිදු කෙරෙන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම එජාපයේ නායකත්ව අර්බුදය පැවැති වකවානුවෙ දී පක්ෂය බෙදී වෙන්වීම වැළැක්වීම වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළ නායකත්ව මණ්ඩලය, උපනායක, නියෝජ්‍ය නායක, නියෝජ්‍ය ජාතික සංවිධායක හා නියෝජ්‍ය මහ ලේකම් ධුර මෙහි දී අහෝසි කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව පෙර පැවති පක්ෂ ව්‍යවස්ථාව අනුව නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට වැඩි බලතල ප‍්‍රමාණයක් හිමි වීමට නියමිතය. එහෙත් දැනට පවතින පක්ෂ සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික තනතුරු දරන පුද්ගලයන්ගේ වෙනස්කම් කිසිවක් සිදු නොකෙරේ. මේ අතර පක්ෂයේ දෙවන පෙළ හා තෙවන පෙළ නායකත්වය සූදානම් කිරීම හා පක්ෂයේ වැඩි වගකීම් ප‍්‍රමාණයක් තරුණ පිරිස් හට ලබා දීමට ද සැලසුම් කර ඇත. එමෙන්ම අකිල විරාජ් කාරියවසම් මහතාට ජාතික සේවක සංගමය බාර දීමත් එජාපයේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානත්වය ක‍්‍රිෂාන්ත කුරේ මහතාට පැවැරීමත් සිදු වනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

ඩී. මංජුල කුමාර
SathHanda

Share on Google Plus