තාජුඩීන් ඝාතනයට දේශපාලනඥයකු ළඟදීම අත්අඩංගුවට


තාජුඩීන් ඝාතන සිද්ධිය යටපත් කිරීමට ක්‍රියා කළ බව කියන පොලිස්‌ නිලධාරීන් දෙතුන් දෙනකු ඉදිරි දින කීපය ඇතුළත අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ සදහන් කර සිටියේය.

මේ හැර තාජුඩීන් ඝාතනය සිද්ධිය පිළිබඳව දේශපාලනඥයකුගෙන්ද ප්‍රශ්න කරනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම පරීක්‌ෂණ අනුව මිනීමැරුමට සම්බන්ධ සියලුම පුද්ගලයන් ක්‍රමානුකූලව අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධව නීතිපතිවරයාගේද උපදෙස්‌ ලැබී තිබේ.


Share on Google Plus