සාගල වන්දි බෙදයි.



බෙන්තොට දෙද්දූව සංචාරක කලාපය සදහා සිදුකරන ඉඩම් පවරාගැනීමේ අවසන් අදියර සදහා අදාල වන්දි මුදල් ලබාදීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යංශය පියවරගෙන තිබේ. 

මේ සදහා රුපියල් මිලියන 103ක වන්දි මුදලක්ගෙවීමට රජය තීරණයකර ඇති අතර එමමුදල සංචාරක මණ්ඩලයේ සභාපති පැඩි විතානගේ මහතා විසින් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙත අද(11) දින අරලියගහ මන්දිරයේදී භාරදෙනු ලැබිය. 

පසුව එම වන්දිමුදල අදාල වන්දි ලාභීන්ට බෙදාදීම සදහා සාගල රත්නායක මහතා විසින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම්තුමන් වෙත ලබාදෙනු ලැබිය. මෙම අවස්ථාවට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ශිරන්ත හේරත් මහතාද සහභාගී විය.




Share on Google Plus