මහින්ද දැන් විහිළු කාරයෙක් - මරික්කාර්.


මහින්ද මහත්තයා හීනෙන් ආණ්ඩු පිහිටුවන්න හිතාගෙන බොරු ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීම අපි හෙළා දකිනවා යයි පාර්ලිමේන්තු මන්ත්‍රි S.M. මරික්කාර් මහතා කොලොන්නාවේ පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේය.

එහිදි මන්ත‍්‍රිවරයා මෙසේද සඳහන් කලේය.

"පසුගිය මාසයේ ප්‍රතිඵල ලද සමාන්‍ය පෙළ විභාගයේ ලංකාවෙන්ම දහ දෙනා ගත්තාම කොළඹින් පිට ළමයි 6 දෙනෙක් සිටිනවා. මහනුවර මහාමායා, ගම්පහ බණ්ඩාරණායක, සුමංගල බාලිකා පානදුර, මාරිස්ටෙලා විද්‍යාලය මීගමුව, ගාල්ල සවුත්ලන්ඩ් හා මාතර රාහුල යනාදී පාසල් වලින් ඔවුන් බිහිවෙලා තියෙනවා. මේ සිසු දරුවන් තමන්ගේ ස්වඋත්සහයෙන් ඉගෙන ගෙන හැකියාවෙන් තමයි ලංකාවෙන් පළවෙනි 10 දෙනා අතරට ඇවිත් තියෙන්නේ. මෙහෙම තිබියදී තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා. එදා ජාතික විභාග විශිෂ්ටයන් වැඩියෙන් බිහිවුණේ ගමෙන්, යහපාලන ආණ්ඩුව යටතේ අද සමතුන් කොළඹින් බිහිවෙනවා කියලා කියනවා, එතුමා හිතාගෙන ඇති එතුමාගේ කාලේ තිබුණ නීති විද්‍යාලයේ විභාග වගේ කියලා සාමාන්‍ය පෙළ විභාගය. මෙම කියමන් වලින් එතුමා ගම්වලට ගිහින් කියලා ගම්වල මිනිසුන්ව අවුස්සනවා. දරුවන්ගේ මානසික මට්ටම වට්ටලා කොළඹ පාසල් වල දරුන්ට අභූත චෝදනා එල්ල කිරීම මම කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දැඩි සේ හෙලා දකිනවා.

දරුවන්ව වඩා ගෙන කිරිපිටි පැකට්ටුවට බදු ගහලා, උපදින්න ඉන්න දරුවොත් ණය කාරයෙක් කරපු මහින්ද මහත්තයාට හොදට ඉගෙන ගෙන ඉන්න ළමයින් තමන්ගේ දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවා ගන්න කඩන් වට්ටන එකට අපිට නම් පුදුමයක් නෑ. අපි කියනවා දරුවන්ගේ නාමයෙන් දරුවන්ගේ මානසික මට්ටම කඩන් වට්ටන්න එපා. තමන්ගේ දරුවන්ට ආදරේ වගේම අනුන්ගේ දරුවන්ටත් ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. ගම් ඇතුලත ගිහින් තවුරටත් මුසාව පතුරුවන්න හදන්න එපා. අපි හිතනවා එතුමට අමතක වෙලා ඇති කියලා පහුගිය කාලේ මුලාවෙන් මුසාවෙන් දුවපු රට ජනතාව එම මුසාවෙන් මුලාවෙන් එලියට ඇවිල්ලා යථාර්ථය තේරුම් ගත්ත නිසා තමයි ගෙදර යන්න උනේ.ගෙදර ගිහිල්ලා තාම තේරෙන්නේ නෑ ඡන්ද දෙකක් පැරදිලත්. අපි කියනවා මේ රටේ ඉන්නේ මොඩයෝ නෙමෙයි කියලා. අනික තරුණ පරම්පාරව තාක්ෂණයත් සමග සිටින නිසා ලෝකයේ ගැන හොදට දන්න තරුණ පරම්පාරවක් ලෙස. යම් දෙවල් දෙස සංසන්දනාත්මකව බලන නිසා මේ දරුවෝ ඉදිරිපිට විහිලු කාරයෙක් වෙන්න එපා කියලා කියනවා.

අපි එතුමට මතක් කරලා දෙන්න කැමති මේ 30 ගාණක් තියාගෙන , කොහොමද ආණ්ඩු පිහිටවුන්නේ. මේ අයට විවිධ චෝදනා තියෙනවා. එක්කේ FCID නඩුවක් තියෙනවා. නැතිනම් අල්ලස් හා දූෂණ මර්දන එකේ පරීක්ෂණයක් තියෙනවා. එසේත් නැතිනම් අධිකරණයේ නඩුවක් තියෙනවා.මේ වගේ 30 විතර තියාගෙන කොහොමද 113 ක බහුතරයක් අරගෙන ආණ්ඩු පිහිටවුන්නේ. දරුවන්ගේ අප්පච්චී කියා ගත්ත පුද්ගලයා, අනාගතේ රට භාරගන්න ඉන්න දරුවන්ව දේශපාලන ඇපයට තබා හීනෙන් ආණ්ඩු පිහිටුන්න හිතාගෙන මේ වගේ වැරදි ප්‍රකාශ කරන එක යලි යලිත් හෙළා දකිනවා."

Share on Google Plus