ටෙලිකොම් නවතී - ජනපතිගේ මල්ලි පිස්සු නටයි.


ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙහි කොන්ත්‍රාත් පදනම යටතේ සේවයකරනු ලබන 2100ක් පමන මෑන්පවර් සේවකයින් ස්තීර සේවයට ඇතුලත් කරගන්නා බවට ලබාදී ඇති පොරොන්දු දිනෙන් දින කල්ගතවෙමින් තිබෙන බව තොරතුරැ හා විදුලි සියලු සේවක සංගමය සදහන් කරයි.

මේ නිසා අප්‍රේල් 25නිදා සිය සේවකයන් 2100ම සේවයෙන් ඉවත්ව සටීමේ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරන බවට එම සංමයේ සම ලේකමි ජේ.බී ගුරැසිංහ මහතා සදහන් කරයි

කොන්ත්‍රාත් සමාගම යටතේ සේවය යටතේ සේවය කරන එනමි මෑන්පවර් සමාගම යටතේ සේවය කරනු ලබන සේවකන් දින 180ක සේවා කාලයකින් පසුව සේවයට ඇතුලත් කරගතයුතු බවට චක්‍රෙල්කන පැවතියත් ටෙලිකොම් ආයතනය තුල මෑන්පවර් සේවකයන් ලෙස වසර 17ට වැඩි කාලයක් සේවයේ නියුතු සේවකයන්ද සිටින බව ඔහු පවසා සිටියේය.

මෙම සේවකයන් ස්ථීර සේවයට ඇතුලත් කරගන්නා බවට අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාෂ සිදුකලද නමුත් එම ප්‍රකාශ යතාර්ථයක් බවට පත් කිරීමට බලදාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවට සමලේකම්වරයා සදහන් කළේය.

ටෙලිකොම් ආයතනයේ මෙහෙයුම් කටයුතුවලින් 70%කට වැඩි ප්‍රමානයක් මෙම සේවකයන් විසින් සිදුකරන බවත් අප්‍රේල් 25වන දින සිට සිදුකරන සේවයෙන් ඉවතත්ව සිටීමේ ක්‍රියාමාර්ගය නිසා මෙම කටයුතු සියල්ලම ඇනහිටින බවද හෙතෙම කියා සිටියේය.

මේ පිළිබදව ජනාධිපතිවරයාට , අගමැතිවරයාට සහ විෂය භාර ඇමතිවරයාට දැනුම් දී ඇති බවද සංගමයේ සම සභාපති මහේෂ් ප්‍රනාන්දු මහතා අප කළ විමසීමකදී තවදුරටත් ප්‍රකාශ කර සිටියා. 

නමුත් අපට දැනගන්නට ලැබෙන පරිදි අග්‍රාමාත්‍යවරයා මේය සිදුකරන ලෙස නියොග කර තිබියදී  ටෙලිකොම් සභාපති ප්‍රධාන විධායක නිලදාරියා ඇතුලු නිලදාරීන් මෙය සිදුනොකොට යටපත් කිරීමට විවිධ කරනු දක්වමින් පුලුල් මෙහෙයුමක නිරතව සිටින බවයි. ඔවුන් හැසිරවීමට ටෙලිකොම් පාලන අධිකාරියේ සිට ඉවත් කල දෙතුන් දෙනෙකු සිටින බවත් ටෙලිකො සභාපතිවරයාගේ නොමනා හැසිරීම හේතවෙන් ඇමති හරීන් ප්‍රනාන්දු ද ලිපියක් යොමුකොට තිබු බව පසුගිය දිනවල සමාජ මාද්‍ය ජාල ඹස්සේ අපට දක්නට ලැබුනා.

-ගොසිප්99 

Share on Google Plus