SLPL යළි එයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග (SLPL) විස්සයි20 තරගාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කරමින් තිබේ.

ඊයේ කොළඹදී පැවැති හමුවකදී මෙම කරුණු අණාවරණය විය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ සැකස්ම පිළිබඳව ක්‍රිකට් ආයතනය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

තරගාවලිය බොහෝ විට එළැඹෙන වසරේදී පැවැත්වීමට නියමිතය. 2012 වසරේදී පළමු හා අවසන්වරට තරගාවලිය පැවැත්විණි.


Share on Google Plus