මෛත්‍රීගේ අලුත්ම පෙරලිය මෙන්න.



ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් පත්කර තිබේ.

ඔවුන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛතී‍්‍රපාල සිරිසේන ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

එහිදී ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කල අතර හිරියාල ආසන සංවිධායක ලෙස වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික, කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා සහ බුද්ධික ඉද්දමල්ගොඩ ද, කළුතර සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ ද, කෑගල්ල සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න ද පත් කර තිබෙන අතර බෙන්තර - ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුද පත් කර තිබේ.

මෙහිදී නව සංවිධායකවරුන් අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කලේ ජනතාවාදී නිර්මල දේශපාලනයක් ස`දහා සියල්ලන් කැපවිය යුතු බවයි.

එසේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට ගරු කරමින් දූෂණය සහ වංචාව පිටුදකිමින් රට සහ ජනතාව වෙනුවෙන් වූ තම වගකීම් හ`දුනාගෙන මනා අවබෝධයකින් යුතුව ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා නව ආසන සංවිධායකවරුන්ගෙන් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේය

මෙම අවසතාවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සහභාගී විය.


Share on Google Plus