අරවින්ද - සංගක්කාර ඉවත් වන ලකුණු.


පසුගියදා නම් කරන ලද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා හා කුමාර් සංගක්කාර ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි අප වෙත වාර්තා වේ.

අරවින්දද සිල්වා තේරීම් කමිටු සභාපති ධුරය දරණ අතර සංගක්කාර එහි සමාජිකයෙකි.

පසුගි මාර්තු 07වනදා ක්‍රිකට් තේරීම් කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ 2016/2017 යන වර්ශ සඳහා මෙම තේරීම් කමිටුව පත් කළ බවයි. නමුත් ඊට පසුව අනාවරණය වූයේ තේරීම් කමිටුව අප්‍රේල් මස 30වනදා දක්වා පමණක් බලාත්මක බවයි. මෙම තත්වය තුළ මැයි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා කණ්ඩායම තේරීමට සිදුවන්නේ නව තේරීම් කමිටුවක් මගිණි. 

මේ අතර පසුගියදා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා අතුරුපාලක මණ්ඩලයක් පත් කළ යුතු බවයි. එමෙන්ම සූදු කාරයන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාව බේරාගත යුතු බවද ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

Share on Google Plus