ජාතික නාට්‍ය අනුමණ්ඩලය අස්වීමට යයි.


ජාතික නාට්‍ය  අනුමණ්ඩලය දැනට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

වාර්ෂික රාජ්‍ය නාට්‍ය උලෙළ අවසාන වටය විනිශ්චය හමාරකොට උලෙළ පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී.හේරත්, තරුණ නාට්‍යකරුවන් වන පියල් කාරියවසම්, ඊ.එම්.ඩී.උපාලි, මංගල සේනානායක, විමලරත්න අදිකාරී, කපිලකුමාර කාලිංග, ප්‍රවීණ රංගනවේදීන් වන සෞම්‍ය ලියනගේ, චාන්දනී සෙනෙවිරත්න, ජේ.කොරලොෆ්, ජෙයසංකර් හා චන්ද්‍රසේකර් ආදීහු වර්තමාන අනුමණඩලයේ සාමාජිකයින් වෙති.

 මේ අතර,  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ඇමතිවරයාගේ හිතවතකු වන දීප්ති නමැත්තාගේ යෝජනාවක් අනුව උදේනි චන්ද්‍රසිරි හා අනෝමා ජනාදරී ජාතික නාට්‍ය  අනුමණ්ඩලයට පත් කිරීමට තීරණය කර ඇතයි වාර්තාවේ.

 යම් හෙයකින් මොවුන් දෙදෙනා පත් කළ හොත් ඊට විරෝධය පාමින් වර්තමාන අනුමණ්ඩලය සාමූහිකව ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ද පැවසේ.

-LNW

Share on Google Plus