ෆොනී විජේදාස කැබිනට්ටුවේදී ගැටෙයි.


ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සරත් ෆොන්සේකා හා විජේදාස රාජපක්ෂ අතර උණුසුම් වතන හුවමාරුවක් ඇති විය. 

සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් තමා විසින් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්තරා අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධියේ සමාව ගැනීම කැබිනට්ටුවේ සාමූහික වගකීම උල්ලංගණය කිරීමක් බව මේ අවස්ථාවේ අදහස් පළ කළ විජේදාස රාජපක්ෂ මහතා භික්ෂූන්ගේ ආශීර්වාදය නොමැතිව ආණ්ඩුවට පැවැත්මක් නොමැති බවත් තමා සමාව නොගත්තේ නම් රජය හැටියට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එය සිදු කළ යුතුව තිබූ බවත් කෝපයෙන් ප්‍රකාශ කරන ලදී. 

මෙහිදී නැවතත් අදහස් පළ කළ ෆොන්සේකා මහතා මම අමාත්‍යවරයෙකුගේ නමක් සදහන් නොකළ අතර තොප්පිය හරි නම් දාගන්න යැයි පැවසීය. දෙදෙනා අතර ඇති වූ මෙම උණුසුම් වාදයට කැබිනට් මණ්ඩලයේ කිසිවෙකු සම්බන්ධ නොවූ අතර ජනාධිපතිවරයා මහත් පරිශ්‍රමයක් දරා තත්ත්වය පාලනය කර තිබේ. 

Share on Google Plus