ඉන්දියාව රනිල්ගේ ආණ්ඩුවත් පෙරළයිද...?


රනිල්ගේ චීන සංචාරය ගැන ඉන්දියාව දැක්වූයේ දැඩි නිහඬතාවකි. එම නිහඬතාව පිටුපස ඇති රහස දන්නේ ඉන්දියාව පමණි. මහින්ද පරාජය වීමෙන් පසු ඔහුගේ සහෝදරයා වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය සම්මන්ත්‍රණයකදී කීවේ ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෝවාල් කොළඹ වරාය චීන ව්‍යාපෘතිය නතර කරන ලෙස තමාට කී බවය. ගෝඨාභය කීවේ තම සහෝදරයාගේ ආණ්ඩුව එක්ක ඉන්දියාව ප්‍රශ්න ඇතිකර ගත්තේ එම ව්‍යාපෘතිය නතර නොකරන්න ආණ්ඩුව ගත් තීරණය නිසා බවය.

වරාය ව්‍යාපෘතිය නතර කරන ලෙස ඩෝවාල් ගෝඨාභයට කීවා නම් මෛත්‍රිට හෝ රනිල්ට එලෙස නොකියන්න හේතුවක් නැත. ඒත් රනිල් සිය ඉන්දීය සංචාරයේදී වරාය ව්‍යාපෘතියට ඉන්දියාවේ අනුමැතිය ගත් බව වාර්තා විය. කොළඹ වරාය ව්‍යාපෘතියට ආසන්න ගාලුමුව‍ෙදාර වටරවුමේ උද්‍යානය නඩත්තු කිරීමේ කොන්ත්‍රාත්තුව ඒ අසල පිහිටි කින්ස්බරි හෝටලයට භාරදී තිබුණේ රාජපක්‍ෂ ආණ්ඩු කාලයේය. මෑතකදී කින්ස්බරි හෝටලය එය නඩත්තු කිරීම වෙනත් ආයතනයකට භාර දීමට කැමැත්ත පළ කළ විට ඉන්දියානු තෙල් සමාගම වන ධ්.ර්ණී.ඛ්. එය නඩත්තු කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගැනීමට කැමැත්ත පළ කළේය. ධ්.ර්ණී.ඛ්. නොහොත් ඉන්දියානු තෙල් සමාගම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භාරවද කටයුතු කරයි. එසේම ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතිය භාරවද ධ්.ර්ණී.ඛ්. කටයුතු කරයි. චීන වරාය ව්‍යාපෘතිය ආසන්නයේ උද්‍යානය නඩත්තු කිරීම ඉන්දීය තෙල් සමාගම භාර ගැනීම චීනය කෙලෙස අර්ථ නිරූපණය කරයිද කියන්න දන්නේ නැත. තවමත් ආණ්ඩුව එය ධ්.ර්ණී.ඛ්. සමාගමට දීමට එකඟත්වය පළ කොට නැත. රනිල්ගේ චීන සංචාරය සහ වරාය ව්‍යාපෘතිය ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් චීන වරාය ව්‍යාපෘතිය ආසන්නයේ උද්‍යානය නඩත්තු කිරීමට ධ්.ර්ණී.ඛ්. සමාගම යෙදවීම ඉන්දියාවේ නිහඬතාව පිටුපස ඇති රහස කියයි.

මහින්දගේ ආණ්ඩු කාලයේ හම්බන්තොට වරාය අසල ඉන්දීය කොන්සල් ජෙනරල් කාර්යාලයක් පිහිටුවීමට ඉන්දියාවට අවශ්‍ය විය. තම චීන සංචාරය සහ චීන වරාය ව්‍යාපෘතිය ගැන ඉන්දියාවේ බිය රනිල්ද නොදන්නවා නොවේ. රනිල් කියන්නේ චීන වරාය ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බව තමන් ඉන්දියාවට පෙන්වා දුන් බවය. එහෙත් ඉන්දියාව රනිල්ගේ චීන සංචාරයේ න්‍යාය පත්‍රය සකස් වන ආකාරය ගැන සිටියේ ඇස ගසා ගෙනය. රනිල් එය දැන සිටියාද දන්නේ නැත. ඔහු චීන සංචාරයේ න්‍යාය පත්‍රය සකස් කිරීම විදේශ අමාත්‍යාංශයෙන් අරලියගහ මන්දිරයට ගත්තේය. න්‍යාය පත්‍රය සකස් වූයේ අරලියගහ මන්දිරයේ රහසිගතවය. මේ නිසා ඉන්දියාවට ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම අසීරු විය. අනෙක රනිල් චීනයට යන විට ජනාධිපති මෛත්‍රිපාල ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ලංකාවේදී හමුවිය. එහිදී මෛත්‍රි කීවේ එක රටක සබඳතාවක් තවත් රටක සබඳතාවකට හෝ ආරක්‍ෂාවට තර්ජනයක් වන ලෙස ලංකාව කටයුතු නොකරන බවය. මෛත්‍රි ඒ පණිවුඩය දුන්නේ ඉන්දියාවටය. ජර්මනිය ලංකාව තුළ චීන බලපෑම ගැන උනන්දුවක් දක්වන රටකි. මෛත්‍රි ජර්මනියට ගිය වේලාවේ ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ජෙලා වඩාත් උනන්දු වුණු මාතෘකාව වූයේ ලංකා - චීන සම්බන්ධතාව ගැනය. ඇය පෙන්වූයේ මහින්දගේ ආණ්ඩු කාලයේ ලංකා - චීන සබඳතා ගැන ජර්මනිය ප්‍රියමනාප නොවූ බවය.

මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ගෙන එන්න ඉන්දියාව, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් උදවු කළ බව රහසක් නොවේ. එයට ප්‍රධාන හේතුව ලංකාව චීන බලපෑමට යටත් වීමය. එහෙත් දැන් මෛත්‍රි - රනිල් චීනය ළංකර ගැනීම ඔවුන් කෙසේ විග්‍රහ කරයිද කිව නොහැකිය. මෙලෙසම බණ්ඩාරනායකවරු ඉන්දියාවට සමීපව සිටියහ. ඒත් 1962 ඉන්දු - චීන යුද්ධය වෙලාවේ එය නතර කිරීමට ක්‍රියා කරන බව පෙන්වමින් සාම දූතියක ලෙස ක්‍රියා කරමින් එවකට අගමැතිනි සිරිමාවෝ චීනයට වාසි සහගත ලෙස ක්‍රියා කළ බවට චෝදනාවක් විය. ඉන්දු - චීන යුද්ධයක් ඇති වුවහොත් ත්‍රිකුණාමල වරාය චීනයට දීමට ඇයගේ රහසිගත එකඟතාවක් ඇති බවටද සැකයක් තිබිණි. ඉන්දියාව 1964 ඇයගේ ආණ්ඩුව පෙරළන්න එ. ජා. ප. යට සහාය දුන්නේය. ඒ ඇයගේ ආණ්ඩුව තුළ චීන ආධිපත්‍යයට එරෙහිවය. 1970 යළි බලයට ආ මැතිනිය 1971 කැරැල්ලේදී චීනය ජ. වි. පෙ. ට උදවු කරන බවට චෝදනා කළාය. ඇය එවකට ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සමඟ සමීප සබඳතාවක් ගෙන ගියත් ඉන්දු - පාකිස්තාන් යුද්ධයේදී පාකිස්තාන ගුවන් යානාවලට තෙල් ගහන්න ලංකාවට ඒමට ඉඩ දුන්නාය. ඒත් ඉන්දියාව ඇය සමඟ අමනාප නොවීය.

රනිල්ගේ චීන සංචාරය සිදුවන විට චීන මාධ්‍ය ඉන්දියාවට ප්‍රියදායක පුවත් වාර්තා කළේය. ඒ චීනයේ සේද මාවතේ (ඉඪතඬ පධභබඥ) වරාය සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී පාකිස්තාන වරාය ගැන හෝ පාකිස්තානය ගැන චීනය එතරම් බලාපොරොත්තු තියන්නේ නැති බවය. එයට හේතුව පාකිස්තානයේ ත්‍රස්තවාදී තර්ජන බව චීන මාධ්‍ය සඳහන් කොට තිබිණි. මෙය ඉන්දියාවට සුබදායක පණිවුඩයකි. ඉන්දියාව මෙම වරාය ව්‍යාපෘතියට වැඩියෙන්ම බය චීනය - පාකිස්තානය එක් වෙනවාටය. චීන මාධ්‍ය පාකිස්තානය අනාරක්‍ෂිත බව කීමෙන් ඉන්දියාවට සිග්නල් එකක් දී තිබේ. චීන වරාය ගිවිසුම වෙනස් කරමින් මෛත්‍රි - රනිල්ද වරාය ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බවට සිග්නල් එකක් දී තිබේ. ඉන්දියාව මෙම සිග්නල් කොහොම ගනියිද මෛත්‍රි - රනිල් ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඉන්දියාව රාජපක්‍ෂවරු සමඟ සබඳතා අලුත් කර ගනීද කියා කියන්න අමාරුය.

ඒත් ඉන්දියාව ආපහු චීනවාදී රාජපක්‍ෂට අත දෙයි කියා සිතිය නොහැකිය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Share on Google Plus