ආර්ථික කටයුතු පිළිබඳව රජයෙන් නව තීන්දුවක්‌.


රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර වශයෙන් බලපානු ලබන ආර්ථිකමය තීන්දු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට්‌ අනුකාරක සභාව විසින් පමණක්‌ ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය සම්බන්ධව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වෙත නිල වශයෙන් දැනුම් දීමට ද නියමිතය.

අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ ඇමැතිවරු තිදෙනකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව පිළිබඳ අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳව විවිධ මත ප්‍රකාශ කිරීම හේතුවෙනි.

Share on Google Plus