ජාතික ආරක්ෂාව ගැන යළි සහතික වෙයි.


ජාතික ආරක්ෂාවට හෝ රටේ ඒකීයභාවයට තර්ජනයක් ඇති කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඉඩ නොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා නැවත සහතික වනවා. ඔහු මෙම සහතිකය ලබාදුන්නේ මහනුවරදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින්.  

නීති විරෝධී ගිනිඅවි ආපසු භාරදීම සඳහා ලබාදුන් පොදු සමා කාලයට යහපත් ප‍්‍රතිචාර ලැබෙමින් ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (23) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදුටුවා.

ඊයේ (22) පස්වරුවේ ඔහු රාමඤ්ඤ මහානිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ද බැහැදුටු බවයි නෙත් නිවුස් මහනුවර වාර්තාකරු පැවසුවේ.

Share on Google Plus