රන්ජන්ට, යහපාලනයේ සොහොන් ලකුණු පෙනෙයි.


අප ජනතාවගෙන් ඡන්දය ලබා ගත්තේ හොරු අල්ලනවා වගේම දූෂිතයන්ට දඬුවම් ලබාදෙනවා කියලයි. යහපාලන රජය, වේදිකාවේදී මේ රටේ ජනතාවට ලබා දුන්නු පොරොන්දුව එයයි. මේවා ඉක්‌මන් නොකර ඡන්දයට ගියොත් අපේ පරාජය ඒකාන්ත යෑයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (12 දා) පැවැසීය.

මම මේ රටේ සිදුවුණු බොහෝ දූෂිත සිදුවීම් පිටුපස ඇහැ ගහගෙන හිටියේ. ඒවා තමයි µයිල් පිටින් අරන් ගිහින් එµa.සී.අයි.ඩී. සහ අල්ලස්‌ කොමිසමට ඉදිරිපත් කළේ. අපි ඡන්ද ගත්තේ මේවාට ඉක්‌මන් විසඳුම් දෙන්න. දැන් මේ µයිල්වල විමර්ශන කටයුතු බොහොමයක්‌ අවසන් කරලා නීතිපතිට යවා නඩු පවරා අවසන්. චූදිතයෝ හුඟක්‌ ඉන්නේ ඇප පිට. මට හොඳ විශ්වාසයක්‌ තියෙනවා අලුත් අවුරුද්දෙන් පස්‌සේ මේවා තවත් සක්‍රීය වී මහජනතාවට වුණේ මොනවද කියලා දැක බලා ගන්නට හැකිවේවි කියලා යෑයිද හෙතෙම සඳහන් කළේය.

පිටරටවල හොරකම්වලට අහුවෙනකොටම ඔවුන් ඉල්ලා අස්‌වෙනවා. ලංකාවේ හොරු අල්ලන කොට හොරු වෙනුවෙන් හොරු ගිහිල්ලා බ්‍රයිබරිය වටලනවා. පොල් ගහනවා, මිරිස්‌ අඹරනවා. ලොකේ එහෙම කරන එකම රට ශ්‍රී ලංකාවග සමහර හොරු විජය කුමාරතුංග මහත්තයා "ජය අපටයි" චිත්‍රපටයේදී කළා වගේ එළියට ඇවිත් මාංචු උස්‌සා පෙන්නා මිනිස්‌සු නොමඟ යවන්න උත්සාහ කරනවා. ප්‍රශ්න කිරීම්වලදී අඬලා, දොඩලා බොරු නිවැරදි කාරයෝ වෙන්න දඟලන හුඟක්‌ අය එළියට ඇවිත් මාධ්‍ය ඉස්‌සරහා වීරයෝ වෙන්න දඟලනවා. මේ හැමෝටම ඉස්‌සරහට වෙන්නේ මොකද කියලා අපි බලාගෙන ඉන්නේ පිරිසිදුව නොබියව ඡන්දයට යන්න තියන නිසා යෑයිද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.


Share on Google Plus