Plantations සත් සාමාජික රග්බි තරගාවලියේ විනිසුරුවරුන් යකා නටයි



අද දින  පැවැත්වෙන Plantations සත් සාමාජික රග්බි තරගාවලියට ආරාධනා ලැබ පැමිණි මහනුවර රග්බි විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයින්  හැටන් හි නීලා හෝටලයේ ඉතා අසභ්‍ය ලෙස හැසිරෙමින් සංවිධායකවරුන් අපහසුතාවයට පත් කරමින් ද විනිසුරු සංගමයේ ප්‍රතිරූපය යට ද අවමානයක් වන අන්දමින් හැසිරී ඇත .

ක්‍රීඩාවක විනිසුවරුන් යනු ප්‍රේක්ෂකයන් ,අනුග්‍රාහකයන් ගරු කරන චරිතයකි.ඔවුන් මෙසේ හැසිරෙන විට ක්‍රීඩාවට කුමක් සිදු වේද ?

මෙම තරගාවලිය යනු දිවයිනේ සිටින වැවිලි කර්මාන්තකරුවන්ගේ  ගෞරවාන්විත ක්‍රීඩා උත්සවයයි.එවන් අවස්ත්වකට ආරාධන ලැබ මුදලින් ද සේවය අගය කරන අවස්ථාවක රග්බි විනිසුරුවන් මෙලෙස හැසිරීම ඛේදවාචයකට වඩා රග්බි ක්‍රීඩාවට ඇලුම් කරන සැමගේ කනස්සල්ලට කරුණකි .

රග්බි විනිසුරු සංගමයේ සභාපති නිසාබ් ජමල්ඩින්(nimaz jamaldeen) මහතා වෙත අප මේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.


Share on Google Plus