මහින්දගේ තායිලන්ත ගමන ගැන උදයංග වීරතුංග කතා කරයි (PHOTOS)


හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ  තායිලන්තය සංචාරයට තමන් ද එක්වූ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කර තිබෙනවා. 

සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූප කිහිපයක් ද එක් කරමින් ඔහු මේ බව සටහන්  කරනු ලැබුවා. 

'මා විසින් ගන්නා ලද අප්පච්චිගේ මෙම ඡායාරූප එකතුව facebook එකේ ඉන්න අපේ මල්ලිලා සහ නංගිලා අගය කරනවා ඇතයි සිතමි' යනුවෙන් එම සටහන ආරම්භ කර තිබෙනවා. 

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාව ශ්‍රීලංකා තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් විසින් එහිදී පිළිගත් බවද ඔහුගේ සටහනේ සඳහන්. 

"මමද යුක්රේනියාවේ කිව් නගරයට පැමිණියේය, වසරකට පසුව මාගේ ජීවිතය සාර්ථක කරගැනීමට සැමදා මට උපදෙස් දුන්, මගේ එකම සැබෑ නායකයා හමුවීමේ සතුට හදවතෙහි පුරවාගෙනය........

උදයාංග වීරතුංග 28.04.2016" ලෙසින් එම සටහන ඔහු අවසන් කර තිබෙනවා. 

එම සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.







Share on Google Plus