පුතා සුවකර ගැනීමට පිහිට වන්න - පාඨලීගේ රියේ ගැටුණු සන්දීප්ගේ පියා.


තම පුත්‍රයා අසීරුවෙන් ටිකක්‌ කතාකර එක්‌වරම නින්දට පත්වන බව චම්පික රණවක ඇමැතිවරයාගේ ජීප් රියේ ගැටී තුවාල ලබා රාගම පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන සන්දීප් සම්පත් තරුණයාගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා ඊයේ (25දා) ප්‍රකාශ කළේය.

දයානන්ද මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

දැන් මගේ පුතාට අපිව හඳුනා ගන්න පුළුවන්. එයා අසීරුවෙන් හිටගන්නවා. ඒත් ඒ සඳහා කවුරුහරි එයාව වත්තම් කරගන්න ඕනෑ.

පුතා අමාරුවෙන් කතා කරනවා. ඒත් එක්‌වරම නින්දට වැටෙනවා. මෙම තත්ත්වය හැටියට එයාව පිටරට ගෙනහිල්ලා හෝ හොඳටම සනීපකර ගන්න පුළුවන්. කාගේ හෝ ඒකට උදව්වක්‌ තිබුණොත් ලොකු දෙයක්‌. මගේ පුතා දැන් හොඳටම කෙට්‌ටුවෙලා. එයාව හඳුනා ගන්නත් බැහැ.

Powered by Blogger.