Panama Papers වලත් රාජපක්ෂලා?


ලෝකයේ රහස් ගි‍‍‍‍ණුම් ඇති රටවල් අතර ‍‍ශ්‍රී ලංකාව ද සිටින බව අයිරිෂ් ටයිම්ස් පුවත්පත අනාවරණ කර තිබෙනවා.

පැනමා රහස් ගි‍‍‍ණුම් පිළිබඳ හෙළිවූ කරු‍ණු පි‍ළිබඳව වැඩි දුරටත් තොරතුරු අනාවරණ කරමිනුටි අයිරිෂ් ටයිම්ස් පුවත්පත මේ බව වාර්තා කර ඇත්තේ.


ලොව ප්‍රකට රාජ්‍ය නායකයින්- කලාකරුවන් ඇතු‍ළු ප්‍රබල චරිත රැසක් තම වත්කම් සැඟවීම පිණිස මෙම ගිණුම භාවිත කර තිබෙනවා.

පැනමා රහස් ගිණුම් පිළිබඳව තොරතුරු මත පදනම්ව අයිරිෂ් ටයිම්ස් පුවත්පත ලොව රහස්‍ය සමාගම් යන ශීර්ෂය යටතේ සිතියමක් සකස්කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව ද ඊට ඇතු‍ළත්වන අතර සමාගම් 3 කට අයත් ගනුදෙනුකරුවන් 3 දෙනෙකු හා කොටස් හිමියන් 22 නෙකු එහි ඇති බව සඳහන්.

පැනමා ගිණුම් පිළිබඳව හෙළිවීමත් සමඟ ඉන්දියාවල ඔස්ට්‍රෙලියාව ඇතුළු රටවල් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇතැයි සදහන්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුලු ඥාතීන් - හිතවතුන්ගේ නම් අදාළ ගිණුමෙහි සඳහන්ව තිබේදැයි වහාම සොයා බැලීමට රජයේ අවධානය යොමුව ඇති බවද මේ වන විට වාර්තා වනවා.

Share on Google Plus