Oceanpick පළමු අස්වැන්න නැවුම් බලාපොරොත්තුවක් එක් කරයි.


ශ‍්‍රී ලාංකේය මත්ස්‍ය නිෂ්පාදනයේ නව්‍ය ඇරඹුමක් වෙනුවෙන් වූ මූලික පියවරක් තබමින් අපේ‍්‍රල් 25 වන දා ත‍්‍රිකුණාමල -චීන වරාය Eagle Golf Link හිදී  Oceanpick (Pvt)LTD සිය මත්ස්‍ය සන්නාමය වන Round Island සාඩම්බරයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ස්කොට්ලන්තයේ kames මත්ස්‍ය වගාව සමග එක්ව 2012 වසරේදී ආරම්භ කරන ලද Oceanpick 2014 වසරේදී කුඩා මත්ස්‍යයන් මුහුදු වගාව සඳහා එක් රැුස් කිරීම සිදු කරන ලදී. 2016 වසර සඳහා වන එහි ප‍්‍රථම අස්වැන්න සම`ගින් වගකීම් සහගත මුහුදු මාලූ, ඉහළම තත්වයෙන් යුතුව කඩිනම්න් මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙන්නට Oceanpick කටයුතු කර ඇත. එමෙන්ම එය විශ්වාසදායී උසස් නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමටද ඉමහත් රුකුලක් වී ඇත. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා සහ Oceanpick හි නිර්මාතෘ/ අධ්‍යක්‍ෂ ඉර්ෆාන් තසීම් මහතා  ඇතුළු සම්භාවණීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

ති‍්‍රකුණාමලයේ පිහිටුවා ඇති Oceanpick හි මෙම සුවිශේෂී මත්ස්‍ය නිෂ්පාදන මධ්‍යස්ථානය දැක බලා ගැනීම සඳහා ප‍්‍රථම වරට මෙරට මාධ්‍යයට පහසුකම් සළසා දීමද මෙහිදී සිදුවූ අතර Oceanpick මෙරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් ධීවර කර්මාන්තය සඳහා ඇති කරන ලද නිෂ්පාදන ඉලක්කයන් සපුරා ගැනීමෙහිලා මහඟු කාර්ය භාරයක් මේ හරහා ඉටු කොට ඇත.

මෙහිදී අදහස් දැක්වූ Oceanpick හි නිරිමාතෘ/ අධ්‍යක්‍ෂ ඉර්ෆාන් තසීම් මහතා ‘‘මුහුදේ මේ ආකාරයේ මාළු අභිජනනය කරමින් Oceanpick සමාගම ඉතිහාසය අලූත් කිරීමට සමත්ව සිටිනවා. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම මේ ආකාරයේ වාණිජ මට්ටමින් මසුන් වගා කරන එකම ජලජීවී වගාව ලෙස ද මෙය පෙන්වා දිය හැකියි. අපගේ අරමුණ හුදෙක් පාරිභෝගිකයන් හට ඉහළම තත්වයේ මුහුදු ආහාර ලබා දීම පමණක් නොවන අතර ශ‍්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ඉහළම තත්වයකට නගා සිටුවීම වෙනුවෙන් ක්‍ෂය වෙමින් පවතින ස්වභාවික කරදිය සම්පත සඳහා කාලීන විසඳුමක් ලබා දීමත් එහි අපේක්‍ෂාවක් ලෙස සඳහන් කළ හැකියි. අපි විශේෂයෙන් අපගේ වගාවන්හිදි ඉහළ තිරසාරත්වයක් තුළින් ස්වභාවික රසයෙන් යුත් උසස් තත්වයේ මුහුදු ආහාර නිෂ්පාදනයක් ලබා දීමට අරමුණුකොට ගෙන සිටිනවා.’’ යනුවෙන් ප‍්‍රකාශ කර සිටින ලදී.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර නිම කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ආයෝජනයක් සිදු කොට ඇති අතර ඒ තූලින් නිෂ්පාදන ඉලක්කය ටොන් 400කි. එහිදී Oceanpick හි ප‍්‍රථම මත්ස්‍ය වගාව වෙනුවෙන් කොවුඩා හෙවත් මෝදා යොදා ගෙන ඇත. ලොවපුරා ඇති බොහොමයක් මුහුදු මත්ස්‍ය වගාවන් හි කොවුඩා හෙවත් මෝදා වගා කරනු ලබන අතර ඒ ආකාරයේ වගාවක් මෙරට ආරම්භ කිරීමට ලැබීමද සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. මේ වසර තුළදී මෙම ව්‍යාපෘතිය දෙගණයක් බවට පත් කරමින් නිෂ්පාදනය ටොන් 1000ක් දක්වා වැඩි කිරීමට Oceanpick සැළසුම් කර ඇත. ඊට අමතරව Oceanpick සිය ආයතනික මෙහෙවර තව දුරටත් පුළුල් කරමින් තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් නුදුරු අනාගතයේදී හඳුන්වා දීමටද නියමිතය. මේ සියලූ දේ තුළින් Oceanpick හි  ප‍්‍රමුඛ අරමුණ වනුයේ පරිභෝජනය සඳහා වන සියලූ නිෂ්පාදනයන් උපරිම නැවුම් බවින් හා සිසිල් බවින් යුතුව ඉහළම තත්වයෙන් පාරිභෝගිකයා අතට පත් කිරීමයි.

මෙම අවස්ථාවට එක් වූ Oceanpick මෙහෙයුම් සාමාන්‍යාධිකාරී ෆස්ලි නයීම් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘මෙම Oceanpick හි මෙම මත්ස්‍ය වගාව හඳුන්වාදීමත් සම`ග ගෝලීය මත්ස්‍ය නිෂ්පාදනයන්හි  ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව Oceanpick ආයතනයට උදා වී තිබෙනවා. එසේම මේ  Oceanpick අභිජනන ක‍්‍රමය පහසුකමක් ලෙස සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරටයි. ශ‍්‍රී ලංකාව මෙතෙක් ජල ජීවී වගාවේදී අවධානය යොමු කරනු ලැබුවේ කලපු, මිරිදිය හා ගොඩබිම පදනම් කර ගනිමින් වුවත් Oceanpick මුහුද පදනම් කර ගනිමින් මත්ස්‍ය වගාවක් ආරම්භ කිරීම මෙරට ධීවර කර්මාන්තයේ විප්ලවීය තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකියි’’ යනුවෙනි.

මීට වසර 4කට ප‍්‍රථම Oceanpick තිරසාර හා රසවත් කරදිය මත්ස්‍ය නිෂ්පාදනයක් වෙනුවෙන් සිය මෙහෙයුම් දියත් කරන ලදී. දකුණු ආසියාව තුළද ප‍්‍රථම මුහුදු මත්ස්‍ය වගාව මෙයයි. මේ වන විට බොහෝ පිළිගත් හෝටල් සහ ආපනශාලාවන් රැසක් තිරසාර අගය හා සුවිශේෂී අන්ර්ගතයන් වෙනුවෙන් Oceanpick හි මෙම නිෂ්පාදනයන් දැනටමත් අනුමත කර ඇති අතර අග‍්‍රගන්‍ය රසය, නැවුම්බව , සනීපාරක්‍ෂාව හ\සහ උසස් තත්වය සහිත Oceanpick මත්ස්‍ය නිෂ්පාදනයන් කොළඹ, දකුණ සහ මධ්‍යම කඳුකරයට මෙන්ම රටපුරා පාරිභෝගිකයන් බහුල ප‍්‍රදේශයන් වෙත බෙදා හරිනු ලබයි. Oceanpick නිරන්තරයෙන් එහි ඒකාබද්ධ ව්‍යාපාර සහකරු වන අවුරුදු 40කට වැඩි අත්දැකීම් සහිත ණ්පැි හි ස්කොට්ලන්ත ප‍්‍රමිතීන් වලට අනුකූලව පරිසර හිතකාමී ලෙස මත්ස්‍ය අභිජනන කටයුතු සිදු කරනු ලබයි.







Share on Google Plus