‘යහපාලන රජය කෙටි කලකින්ම වට්ටවන බවට චීන රජය පොරොන්දු වුනා' - නාමල්.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ආධාරකරුවන් රාශියක් ඉදිරියේ පවසා ඇත්තේ ‘යහපාලන රජය තව මාස 6 ක් යාමට ප්‍රථම බලයෙන් පහ කර දමන බවට තමාට සහ තම පියාට චීන රජයේ විශේෂ නියෝජිතයෙක් පොරොන්දු වූ' බවයි. එම විශේෂ නියෝජිතයා රාජපක්ෂ පිය පුතු දෙපළට පොරොන්දු වී ඇත්තේ පසුගිය වසරක කාලය ඇතුළත නවතා දැමුණු චීනයේ ව්‍යාපෘති සියල්ල සඳහා යහපාලන රජයෙන් වන්දි අය කර ගන්නා බවයි.

චීන විශේෂ නියෝජිතයාගේ එම කතාව සනාථ කරමින්, මේ වන විට වරාය නගර ව්‍යාපෘතිය පමා වීම නිසා ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ 1250 ක් (රුපියල් කෝටි 1828.8) වන්දියක් හෝ දැනට වෙන් කර ඇති බිම් කොටසට වඩා වැඩි බිම් කොටසක් ඒ වෙනුවෙන් ලබා දෙන ලෙස එම සමාගම බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ චයිනා කොමියුනිකේෂන් ක්‍රන්ස්ට්‍රක්ෂන් කම්පනි ලිමිටඩ් (CCCC) වෙනුවෙන් ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන CHEC Port City Colombo සමාගමයි.

මේ අකාරයට ඉන්දියාවේ බලපෑම මත නවතා දැමුණු චීන ව්‍යාපෘති සඳහා වන්දි මුදල් අයකර ගැනීම මගින් යහපාලන රජය මූල්‍යමය වශයෙන් බිඳ දැමීමට චීන රජය සූදානම් බව මෙකී විශේෂ නියෝජිතයා මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ වෙත පොරොන්දු වූ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යහපාලන රජයට එරෙහිව කටයුතු කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව නාමල් රාජපක්ෂ සිය අධාරකරුවන්ට පැහැදිලි කර දී ඇත.

චීන රජයේ ඉල්ලීම මත අගමැතිවරයාගේ චීන සංචාරය තදබල ලෙස විවේචනය කරමින් නාමල් රාජපක්ෂ තම ට්විටර් ගිණුමෙන් මේ වන විට ට්විට් දමා තිබේ. අද (04) ඔහුගේ ට්විටර් ගිනුමේ සඳහන් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ චීනයට යාමට සූදානම් අතර චීනය සම්බන්ධ ලංකාවේ ප්‍රතිපත්තිය කුමක්ද ? පසුගිය වසරේ නව රජය අපගේ මිත්‍රයාට වෛර කරා. දැන් ඔවුන්ව අනුමත කරනවාද? ' යනුවෙන් ප්‍රශ්න කර තිබේ.


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුගේ ආධාර කරුවන්ට තවදුරටත් පවසා ඇත්තේ චීන රජයේ ආධාර ඇතුව මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කෙටි කලකින්ම බලයට පත්වන බවත් ඉන්පසු තමන් ඇතුළු තම පාක්ෂිකයන් පීඩාවට පත් කළ සියළුම අයට සිදුවන දේ බලා ගත හැකි බවයි.

-LNW


Share on Google Plus