මලක්කා මුහුදු සීමාවේ ආරක්‍ෂාවට ශී‍්‍ර ලංකා නාවික හමුදාව.


මලක්කා මුහුදු සීමාවේ ආරක්‍ෂාව සදහා නෞකා කිහිපයක් යෙදවීමට ශී‍්‍ර ලංකා නාවික හමුදාව තීරණය කර තිබෙනවා.

මාලදිවයින සහ සිංග්පූරුව ආසන්න අන්තර්ජාතික මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කියාසිටියේ.

එම මුහුදු සීමාවේ සිදුවන නීතිවිරෝධී කටයුතු වැළැක්වීම මෙහි අරමුණ බවද නාවික හමුදාපතිවරයා සදහන් කළා.

දැනටමත් ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නෞකා දෙකක් මලක්කා මුහුදු සීමාවේ පුහුණුවීම් කටයුතුවල නිරත වන බවද නාවික හමුදාපතිවරයා කියාසිටියා.

Share on Google Plus