බුලත්සිංහලදී මහින්ද සහ පාලිත ගැටෙයි.


බුලත්සිංහල සහ බදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අද (11) පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීම් දෙකකදී අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ  නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අතර බහින්බස්වීම් සිදුවී තිබෙනවා. 

අප වාර්තාකරු පැවසුවේ අද (11) පෙරවරුවේ බුලත්සිංහල පැවති පළමු රැස්වීමේදී ගැටුම ඇති වූ බවයි. 

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා නියමිත වේලාවට රැස්වීමට පැමිණි බවත්,නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තරමක් ප්‍රමාද වී පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. 

පාලිත තෙවරප්පෙරුම මහතා අදහස් දක්වන අවස්ථාවේදී දේශපාලන මතවාදීව මහින්ද සමරසිංහ මහතාට එරෙහිව කරුණු දක්වා සිටියදී දෙදෙනා අතර මෙලෙස බහින්බස් වීමක් සිදුවුණ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉන් අනතුරුව බදුරාවල සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වුණා. මෙහිදීද අමාත්‍යවරුන් දෙදෙනා අතර සුළු බහින්බස් වීමක් සිදු වුනත් පසුව එය අවසන් වී රැස්වීම පැවැත්වුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

Share on Google Plus